• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරියට යන්න නම් පාර කපන්න ඕන – ඇමැති පාඨලි කියයි

8 March 2019
in සංවර්ධන

රට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම දූෂණයෙන් තොර සංවර්ධනයකට පාර කැපිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙ බව පැවසුවේ, රුපියල් ලක්ෂ 500 ක ආයෝජනයෙන් ඉදිකරන ලද දන්තුරේ සතිපොළ සහ බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, රජයේ අරමුදල්වලින් අපේ ඇතැම් දේවල් නිර්මාණය කරනවා. හැබැයි ඒවයින් ප‍්‍රයෝජනයක් නැහැ. ඇතැම්විට ආදායමක් නැහැ. අපේ අයවැය අපේ ගරු මුදල් ඇමතිතුමා ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළ අයවැයට අනුව රටේ සංවර්ධනයට, පාරවල් හදන්න, ඒ වගේම රෝහල්, පාසල්, නගර නිර්මාණය, දුප්පත්කම නැති කරන්න සමෘද්ධිය, ගෙවල් හදන්න මේ හැම දෙයටම රුපියලක් වැය කරනවා නම් ණය ගෙවන්න වැය කරනවා රුපියල් තුනක්. මේ විදිහට රටට මේ තත්වය ඇති වුණේ අපි වියදම් කරන සල්ලිවලට ගොඩනගන සංවර්ධනයට ආදායමක් උපදවෙච්ච නැති නිසා. ඒ වගේම ප‍්‍රයෝජනවත් විදිහට අපි ඒවා ආයෝජනය නොකරපු නිසා. අපේ රටේ සංවර්ධනයේ පසුගිය කාලයේ තිබූ ලොකුම ගැටළුවක් ඒ සංවර්ධනයත් සමග දූෂණය ඇදීයාම. ඒ සංවර්ධනයත් සමග එක ගමට එක වැඩක් වෙනකොට එක ගමකින් එක හොරෙක් බිහිවන මට්ටමට රට පත්වී තිබුණා. පසුගිය වසර හතර ඇතුළත සිදු වූ සංවර්ධනයෙන් එවැනි හොරු කවුරුත් බිහිවෙලා නැහැ.

අද මේ සංවර්ධනයේ තිබෙන වෙනස තමයි කවුරු හරි මොනව හරි දූෂණයක් ගැන හෙළිදරව් කළහම පෙරලා ඔහුට පහර ගහනවා ඔන්න දූෂකයා, එහෙම නැත්නම් හොරා කියලා. පිටකොටුවේ පිට්පොකට්කාරයා පාරේ දුවන්නේ අනෙක් අයට හොරෙක් හොරෙක් කියලා හොරා අල්ලන්න කියලා. මේ විදිහේ තත්වයක් අද අපට පේනවා. මේ රට ඉදිරියට යන්න නම් අනිවාර්යයෙන්ම මේ දූෂණයෙන් තොර සංවර්ධනයකට පාර කැපෙන්න ඕනේ. ජනතාවගෙත් වගකීමක් තිබෙනවා දූෂකයෝ, හොරු, වංචනිකයන්ට මනාපය ලබාදීලා පාර්ලිමේන්තු නොයවන්න. අද අපි දන්නවා හුඟක් දෙනෙක් මේ රටට පාඩු කරපු, හොරකම් කළ බොහෝ දෙනෙක් අද බොහොම බලගතු චරිත හැටියට, බලගතු මිනිස්සු හැටියට වැජඹෙනවා. ඒ වැජඹෙන්නේ වෙන කාගෙවත් මෝඩකම් නිසා නෙමෙයි. අපේ ජනතාව ඡන්දය දෙනකොට පිරිසිදු චරිතවලට තමන්ට රටට මෙහෙයක් කරපු මිනිසුන්ට මනාපය ලබා නොදීමේ ප‍්‍රශ්නය නිසා යැයි පැවසීය.

Post Views: 15
Previous Post

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාර ගනි

Next Post

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා – ජනපති

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය මැඩලන්න අප්‍රේල් 03 පසු ත්‍රිවිධ හමුදාවේ දෑත් තවත් ශක්තිමත් කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved