27 July 2024
#Uncategorised

ඉල්ලන ඒවා මම දෙන්නම් – ඇමැති රාජිත

තමා වමේ පන්නරය ලැබු අයෙකු බවත් ඉල්ලීම් ලබා දීමට තමාට හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ඖෂධ සංයෝජක නිලධාරි සංගමයේ වාර්ෂික සැසිවාරය අද දින (10) කොළඹ පදනම් ආයතනයේ දී පැවැති අවස්ථාවේදිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය “මම වෘත්තීය සමිති නායකයෙකු ලෙස අවුරුදු 15 ක පමණ කාලයක් කටයුතු කළා. වෘත්තීය අයිතීන් දිනාගැනීම සදහා කටයුතු කළා. එම නිසා මම දන්නවා වෘත්තීය ඉල්ලීම් ජයග්‍රහණය කිරීම තමයි වෘත්තීය සමිති නාකයෙකුගේ ජයග්‍රහණය වගේම සතුට වන්නේ. වෘත්තීය සමිති නායකයින් නිවැරදි අයුරින් කටයුතු කරනවා නම් ඒ අවශ්‍ය මග පෙන්වනවා නම් අපිට ඒ ඉල්ලීම් අයිතිවාසිකම් ලබාදෙන්න පුලුවන්. මම ඇවිල්ලා ඉන්නේ ඉල්ලීම් ලබාදෙන්න. මමත් වෘත්තීය සමිති නායකයෙක්. වමේ පන්නරය ලබපු කෙනෙක්. එම නිසා ඉල්ලීම් දිනාගත්තාම ලැබෙන සතුට වෘත්තීය සමිති නායකයෙක් ලෙස මම දන්න නිසයි එහෙම කියන්නේ.”යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් (පාලන) 02, අත්තනායක මහත්මිය, රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ගේ සංගමයේ සභාපති උදේනි දසනායක මහතා ඇතුලු රජයේ ඖෂධ සංයෝජක සංගමයේ නිලධාරීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *