• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඉඩම් ඔප්පු 5400ක්

27 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඉඩම් ඔප්පු 5400ක්

“උරුමය ” වැඩසටහන යටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 05 ක් ආවරණය වන පරිදි සින්නක්කර ඉඩම් ඔප්පු 700ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) පෙරවරුවේ වවුනියාව මෝජෝ උත්සව ශාලාවේ දී සිදු විය.

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඔප්පු 5400ක් ලබාදීමට නියමිත අතර එහි පළමු අදියර යටතේ මෙම ඔප්පු ප්‍රදානය සිදු කෙරිණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම කෘෂි නවීකරණ වැඩපිළිවෙළේ ආරම්භක අවස්ථාව බවයි.

කෘෂි නවීකරණ වැඩසටහන යටතේ ඉදිරි වසර තුන තුළ නවීන කෘෂිකර්මාන්තය ගමට ගෙන යාමට කටයුතු කරන බවත්, නවීන තාක්ෂණය භාවිතයෙන් තම නිෂ්පාදන වැඩි කර ගනිමින් ආදායම් ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව උදාවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම යනු රජය සතු දේපල පුද්ගලීකරණය කිරීමක් බවත් එය රටේ ආර්ථිකය නංවාලීම සඳහා සෘජුව දායක කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ 1935 වසරේ සිට ජනතාවට ගොවිතැන් කිරීමට හා නිවාස ඉදි කිරීමට ඉඩම් සඳහා බලපත්‍ර ලබා දුන්නා. නමුත් ඉඩමේ සින්නක්කර අයිතිය ලබා දුන්නේ නැහැ. ඒ නිසා ඔබට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට මා තීන්දු කළා. මේ ආකාරයට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීම තුළින් ජනතාව ඉඩම් විකිණීමට කටයුතු කරනු ඇතැයි බොහෝ දෙනෙකු පැවසුවා. නමුත් පරම්පරා දෙකක් භුක්ති විඳී ඉඩම විකිණීමට ඔබ කටයුතු නොකරනු ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය කාලයේ ජනතාව ගොඩක් දුක් වින්දා. කොව්ඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ජනතාව විශාල පීඩාවකට පත්ව සිටියා. එම අර්බුද නිසා මෙරට ජනතාවගෙන් සියයට හැත්තෑවක පමණ දේපළ වටිනාකම පහත වැටුණා. අද මේ ලබාදෙන සින්නක්කර ඔප්පුව මඟින් ඔබලාගේ දේපෙළ වල වටිනාකම ඉහළ යනවා. මෙම ඉඩම් භාවිතා කර නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට දායකවෙන්න. එමඟින් රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක විය හැකියි. ආර්ථික අර්බුදයන් රට ගොඩ එන අවස්ථාවේ ඔබට ලබාදිය හැකි ඉහළම දායකත්වය එයයි. මල්වතු ඔය ව්‍යාපෘතිය අවසන් වූ පසු මන්නාරම දිස්ත්‍රික්කයේ වගාකටයුතු මීට වඩා පහසුවෙන් සිදු කරගත හැකි බවද සඳහන් කළයුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා , උතුරු පළාත් ආණ්ඩුකාර වී.එම්.එස්.චාල්ස් මහත්මිය , දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සූ. නෝගරාදලිංගම් මහතා , වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතා ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 12,883
Previous Post

සර්ව ජන බලය නමින් දේශපාලන ව්‍යාපාරයට දිලිත් සමඟ ස්වාධින මන්ත්‍රීවරුන් අත්සන් තබයි

Next Post

වතු කම්කරු වැටුපට අදාළ වැටුප් නිවේදනය ස්ථිරයි -ඇමැති මනුෂ

editor ttvnews

editor ttvnews

Next Post
ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂගෙන් ඉල්ලීමක්

වතු කම්කරු වැටුපට අදාළ වැටුප් නිවේදනය ස්ථිරයි -ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved