27 July 2024
#දේශීය

ඓතිහාසික වැරැද්ද නිවැරදි කරන්න අවස්ථාවක් ඇති බව හිටපු ඇමැති මංගල කියයි

ජනතාව කරපු ඓතිහාසික වැරැද්ද නිවැරදි කරනගන්න පුළුවන් අවස්ථාවක් ඉදිරියේදී උදා වි ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ “2020 මැතිවරණ මෙහෙයුම් කාර්යාලය’ මාතර විවෘත කිරීම අවස්ථාවට එක්වෙමින්. එය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී සමරවීර මහතා කියා සිටියේ පසුගියදා උද්ඝෝෂණ කල ගුරුවන් පිරිසකට පහර දීමක් දැක ගැනීමට හැකි වු බවත් එය දැකිමෙන් තමා කාලකණ්ණි සතුටක් ලැබු බවයි.

එනම් තම ආණ්ඩුව සමයේදී රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කල ද ඔවුන් එම වැටුප් ලබා ගෙන පෝලිමේ පොහොට්ටුවට ඡන්දය ලබා දීමක් සිදු කල බව සමරවීර මහතා කියා සිටියේය.

එසේම එම ඓතිහාසික වැරැද්ද නිවැරදි කිරීමට අවස්ථාව උදා වී ඇති බව සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *