27 April 2024
#දේශීය

රට ඉදිරියට යන්න බහුතර ජනවරමක් ලබා දෙන්න – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටළු ඉවත් කොට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් රට ඉදිරියට ගෙන යාම සදහා තුනෙන් දෙකක බහුතර ජනවරමක් ලබා ගැනීමට ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) වත්තල, බෝපිටිය පමණුගම කොට්ඨාශයේ ජන හමුවකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ නිමල් ලන්සා මහතා, “ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටළු හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අතර බල අරගල රාශියක් සිදුවූවා මිස රට සංවර්ධනය කරා ගෙන යාමට නොහැකි වුණා. රටේ ජනතාවගේ වාසනාවකට වත්මන් ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා සහෝදරයින් වීම හේතුවෙන් මනා අවබෝධයකින් යුතුව ව්‍යවස්ථා බල අරගලයකින් තොරව රට ඉදිරියට ගෙන යමින් සිටිනවා.

අපට පාර්ලිමේන්තුවේ සුළුතරය බලයක් පවතින හෙයින් රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා. ආසන්නම සිදුවීම නම් පසුගියදා යහ පාලන රජයේ ණය ගෙවීම සහ රජයේ ඉදිරි කටයුතු සදහා ඉදිරිපත් කළ අතුරු සම්මත යෝජනාවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණා. මේ නිසා වත්මන් රජයේ දැක්ම ඉදිරියට ගෙන යාමට බාධා පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ව්‍යවස්ථානූකූලව පාර්ලිමේන්තුව විසිරුවිය හැකි ආසන්නම දිනය වන මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව විසුරවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. එම මහ මැතිවරණයේදී විශිෂ්ඨ ජනවරමක් ලබා දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉදිරි දැක්ම ක්‍රියාවට නැංවීමට සහය ලබා දෙන්නැයි නිමල් ලාන්සා මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *