27 April 2024
#දේශීය

නුවරඑළිය ළය චිකිත්සාගාරයක් ජනතා අයිතියට !

රුපියල් මිලියන 104 ක වියදමින් ඉදිකල නුවරඑළිය ළය චිකිත්සාගාරය ජනතා අයිතියට පත්කිරීම පසුගියදා සිදුවිය. 

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වූ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති,ක්ෂය රෝග,ඒඩ්ස් හා මැලේරියා රෝගයට එරෙහි ගෝලීය අරමුදල සහ මධ්‍යම පළාත් සභවේ නිශ්චිත සංවර්ධ අරමුදලේ ප්‍රතිපාදන යටතේ ඉදිකල මෙම ළය චිකිත්සාගාරය  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ, රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීම සිදුවිය.

මෙහිදී පළමු රෝගියා ලියාපදිංචි කිරීම ආණ්ඩුකාර ලලිත්.යු.ගමගේ  විසින් සිදුකල අතර, සෞභාග්‍යයේ දැක්ම තුල සමානාත්මතාවයකින් යුතු සෞඛ්‍ය සේවයක් ජනතාව‍ට ලබාදීම‍ කෙරෙහි අවධානය යොමු කර ඇති බව ආණ්ඩුකාරවරයා අදහස් දකවමින් ප්‍රකාශ කර සිටියේය.‍ 

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එච්.එම. ජයවික්‍රම,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය ලේකම් ගාමිණී රාජරත්න ,පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *