• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කළු ජූලිය සුදු කළා – ඇමති මංගල

6 July 2019
in දේශීය

වසර හතළිහකට ආසන්න කාලයක් ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස සැමරූ කළු ජූලිය “සුදු ජූලිය” බවට පත් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.  අමාත්‍යවරයා කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති 86,000ක් අද රටපුරා ක්‍රියාත්මක බවත්, ඒ නිසාම අද රටම සංවර්ධන කලාපයක් සහ වැඩ බිමක් බවට පත්ව ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාතර පල්ලිමුල්ල ප්‍රදේශයේ ඉදි කළ සතොස මෙගා සුපිරි වෙළෙඳසල විවෘත කිරීමේ අවස්ථාවට අද (06) එක්වෙමිනි.

විෂය භාර අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ද සහභාගීත්වයෙන් විවෘත කෙරුණු මෙය ලංකා සතොස වෙළෙඳසල් ජාලයේ 422 වැන්න ලෙස විවෘත කෙරුණු මෙම මෙගා ශාඛාව මෙරට තුන් වැනි සතොස මෙගා ශාඛාව සේ ම දකුණු පළාතේ පළමු වැනි මෙගා ශාඛාවයි.

උත්සවය අමතමින් අමාත්‍යවරයා “ඉතිහාසයේ වසර 36ක් 37ක් අපි ජූලි මාසය හැඳින්වුවේ කළු ජූලිය ලෙස. නමුත් අපේ රජය තීරණය කළා ඒක සුදු ජූලිය විදියට වෙනස් කරන්න. ඒ අනුව මේ ජූලි මාසෙ මුල ඉඳල අපි රාජ්‍ය සේවයකයන්ගේ වැටුපට තවත් රුපියල් 2,500ක දීමනාවක් ලබා දෙනවා. අපි බලයට ආපු දවසේ පටන් දෙගුණයකින් විතර වැටුප් ඉහළ ගොස් තියෙන රාජ්‍ය සේවයකන්ට මෙය තවත් සහනයක්. ඒ වගේ ම ජනාධිපති වැටුප් කොමිසමේ නිර්දේශ මත රාජ්‍ය සේවක වැටුප ඉදිරියේ දී තවත් වැඩිවේවි. ඒ වගේ ම වසර 10ක් 15ක් තිස්සේ මැතිවරණ පොරොන්දු දීල නොමග යැවුණ විශ්‍රාමික ජනතාවගේ වැටුප් විශමතා අපි මේ ජුලි මාසෙ ඉඳල ඉවත් කරල තියෙනවා. ඒ වගේ ම ත්‍රිවිධ හමුදාව විකුණගෙන කාල ජීවත් වුණ පාලනයක් ඉවර වුණත් වසර 20කින් ඔවුන්ගේ දීමනා වැඩි කරල තිබුණෙ නෑ. ගෙවල් කුලී දීමනාව, නිල ඇඳුම් දීමනාව 100% සිට 500% දක්වා මේ ජූලි මාසෙ ඉඳල වැඩි කරල තියෙනවා.
රටේ එක පැත්තකින් යෝධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගය හැදෙනවා, කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියට මුදල් වෙන් කරල තියෙනවා. කතරගම දක්වා අධිවේගී මාර්ගය හැදෙනවා. නොවැම්බර් මාසය වෙද්දි අපට හැකි වෙයි කතරගම දක්වා අධිවේගී මාර්ගය විවෘත කරන්න. මහා සංවර්ධන ව්‍යාපෘති ඒ විදියට ඉදිරියට යද්දි ගම්පෙරළිය හරහා ගම සංවර්ධනය වෙනවා. අද මේ මුළු රටම වැඩ බිමක් බවට පත් වෙලා තියෙනවා. රටම සංවර්ධන කලාපයක් බවට පත් වෙලා තියෙනවා. ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ රටේ මැතිවරණ කොට්ඨාස 160ට ම එක කොට්ඨාසයකට ම රුපියල් කෝටි 30 ගානෙ සංවර්ධනය වෙනුවෙන් ලබා දීල තියෙනවා. ඒ අනුව රට පුරාම විවිධ සංවර්ධන ව්‍යාපෘති 86,000ක් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු පක්ෂ පාට බේදයක් අපි සලකන්නෙ නෑ. ඒ මොකද සංවර්ධනයට පක්ෂ පාට බේදයක් නෑ.” යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

Post Views: 8
Previous Post

තමා බලයේ සිටිනතෙක් රටට හානිවන කිසිදු විදේශිය ගිවිසුමකට අත්සන් තබන්න දෙන්නේ නෑ – ජනපති

Next Post

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සවංර්ධනයට

editor

editor

Next Post

පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සහ කලාපීය ගුවන්තොටුපොළක් ලෙස සවංර්ධනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved