• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් විනාශයට ජනපති වගකිම ගන්න ඕන බව ඇමැති අර්ජුනගෙන් චෝදනා

8 September 2019
in දේශීය

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අපරාධ චෝදනා එල්ල කිරීම ඉතාම බරපතල තත්ත්වයක් බව 96 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ ‍‍(07) වනදා ගම්පහ දිස්ත්‍රික් කාන්තා හමුව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිමිනල් චෝදනා, නැතිනම් අපරාධ චෝදනා නඟා ඇති බවට තමාටද දැන ගන්නට ලැබී ඇති බවයි. එම චෝදනා පත්‍රය දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කළ බව දැන ගන්නට තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් එසේ නොවුණොත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තහනමට පවා ලක් වන්නට ඉඩ ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා  “අද ක්‍රීඩා අමාත්‍යවරයා ‍බුකීකරුවන්ට ක්‍රිකට් පරිපාලනයට ඒමට නොහැකි ලෙසට ක්‍රීඩා රෙගුලාසි පනවා තිබෙනවා. නමුත් හිටපු ඇමැතිවරු එවැන්නකට අවධානය යොමු කළේ නැහැ. මම කියන්නේ එම ක්‍රියා දාමය තවදුරටත් ඉදිරියට ගෙනියන්න ඕන. බුකී සහ සූදු ව්‍යාපාරයට සම්බන්ධ අය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරනවා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වූ අපරාධ චෝදනා සම්බන්ධයෙන් වගකිව යුත්තන් හදුනා ගෙන සියලු දෙනාටම දඩුවම් දෙන්නත් ඕන. ඒ සඳහා නීතිපතිතුමාගේ උපදෙස් ගැනීම වැදගත් බවද මම විශ්වාස කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ “ජනාධිපතිතුමා ක්‍රිකට් සභාපතිතුමා වේදිකාවේ තියාගෙන කිව්වා ක්‍රිකට් ආයතනය දූෂිතයි කියලා. එතකොට ජනාධිපතිතුමා ළගමයි ක්‍රිකට් සභාපතිතුමා ඉන්නේ එකම වේදිකාවේ. ජනාධිපතිතුමා හොරු අල්ල ගන්න උත්සාහ කරනවා. ඒත් තමන් ළඟ ඉන්න හොරා අල්ල ගන්නේ නෑ නේද ? 2015දි අපි ආණ්ඩුවක් පත්කරන කොට මේ රටේ මිනිස්සු කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. කිව්වේ යහපාලනය ඇති කරන්න කියලා විතරයි. ජිවත් විමේ අයිතිවාසිකම දෙන්න කියලා විතරයි. හොරු ටික අල්ලලා දෙන්න කියලා විතරයි. නමුත් අපිට හොරු අල්ලන්න බැරි වුණා. ඒ නිසා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලොකු වගකීමක් තියෙනවා ක්‍රිකට් හොරුත් අල්ල ගන්න. විශේෂයෙන් ලෝකේ යම් තැනකට අපේ රට ගියේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රිඩාව විනාශ කරන පුද්ගලයෝ ජනාධිපතිවරයාට වැහිලා හොරකම් කරගෙන දූෂණ වැඩ කරගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමාත් මේ විනාශයට වගකීමක් ගන්න ඕන.…”…” අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

 

 

Post Views: 12
Previous Post

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ පත් කෙරේ

Next Post

මීලඟ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

editor

editor

Next Post

මීලඟ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන ලෙස අගමැති ජනතාවගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved