• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ…

15 May 2019
in දේශීය

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව එම කාර්යාංශය පවසයි.

මෙම කාන්තාව විසින් කැනඩා රැකියා ලබාදෙන බව පවසා අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි එම රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට සිදුකළ පැමිණිලි මත මෙම විමර්ශන කටයුතු මෙහෙයවීම සිදුකළ අතර, ඒ අනුව බත්තරමුල්ල ප්‍රදේශයේදී ඇය පොලිස් නිළධාරීන්ගේ අත්අඩංගුවට ගැනීමට හැකි වු බවයි.

කොලොන්නාව, විජය පාර, අංක 23 ලිපිනයේ පදිංචි පී.කේ. රේණුකා හර්ෂනි නම් මෙම සැකකාරිය විසින් අම්පාර ප්‍රදේශයේ රේණුකා එන්ටර්ප්‍රයිසස් නමින් ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක්ද පවත්වාගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය. මේ වන විට කාර්යාංශය මගින් එම රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් ලද තොරතුරු අනුව ඇයගේ මෙම රැකියා ජාවාරමට සහය දැක්වූ ඇයගේ සැමියා වන ආර්.ඒ.ටිරාන් චතුරංග රණවිර නම් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි, ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක පුෂ්පකුමාර යන නිළධාරින් විසින් මෙම පරික්ෂණ කටයුතු තවදුරටත් මෙහෙයවීම සිදුකෙරේ.

Post Views: 16
Previous Post

කොන්ද පණ නැතිනම් අයින් කරන්න ලැස්තියි – ඇමැති පාඨලි කියයි

Next Post

නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාමට යාන්ත්‍රණයක් ඕන බව ඇමැති හැරිසන් කියයි

editor

editor

Next Post

නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාමට යාන්ත්‍රණයක් ඕන බව ඇමැති හැරිසන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved