• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

23 January 2019
in දේශීය

කුණු කන්දට සිදු වූ දේ රටට වෙන්න ඉඩවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයෙ (22) දින සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 266ක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

රට බෙදනවා කියා ඇතැම් අය අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කළත් තමන්ට අවශ්‍යව තිබෙන්නේ රට බෙදීමට නොව අනාගත පරපුර වෙනුවෙන් මේ රට ගොඩ නගාලීමට බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

රුපියල් මිලියන 1064ක වැය කරමින් දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතිය ඉදිකළ අතර එම උත්සවයේදී තව දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

සියපත් සෙවණ නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස 266 ක් ජනතා අයිතියට පත්කිරීමට අද අපට අවස්ථාව ලැබුණා. මේ නිවාස මෙලෙස ඔබට ලබාදීමට හැකි වුණේ පාඨලි චම්පික රණවක අමාත්‍යවරයාගේ උත්සාහය හා කැපවීම නිසයි.

එහිදී අදහස් පල කර පාඨලි අමාත්‍යවරයා පැවසුවේ ” 2022 – 23 පමණ වනවිට දෙමටගොඩ ප්‍රදේශයේ තවත් නිවාස 22000 ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. මේ නිවාස සියල්ල අප ලබා දෙන්නේ අඩු ආදායම්ලාභීන් සඳහා බව කිව යුතුයි. මෙම නිවාස ව්‍යාපෘතියට නිවාස 40,000 පමණ අයත් වෙනවා. මෙය ඉදිකර වැඩ අවසන් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි.
දෙමටගොඩ මෙම නිවාස ඉදිකිරීම සඳහා සම්පූර්ණයෙන්ම භාණ්ඩාගාරයෙන් මුදල් දුන්නේ නැහැ. භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් නොකර තිබියදීත් මෙම නිවාස ඉදිකිරීමට චම්පික රණවක ඇමතිතුමා කටයුතු කළා. එපමණක් නොවෙයි අඩු ආදායම්ලාභීන්ට ඔවුන් ජීවත් වූ පැල්පත් නිවාස වලින් මෙම නව නිවාස වලට ගෙන්වා ගැනීමට ද එතුමා දැඩි උත්සාහයක් ගෙන කටයුතු කර තිබෙන බවයි.

මෙම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මුජිබර් රහුමාන්, කොළඹනගරාධිපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දෙශපාලඥයින්, අමාත්‍යාංශයේ නිලධාරීන්, හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වී සිටියහ.

Post Views: 10
Previous Post

‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් නව රක්ෂණාවරණයක්

Next Post

වාහන දඩ මුදල් ඉහළට ! වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි….

editor

editor

Next Post

වාහන දඩ මුදල් ඉහළට ! වැරදි කරන රියදුරන්ට ඇමැති අර්ජුන අනතුරු අඟවයි....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved