• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගංවතුරෙන් අවතැන් වුවන්ට මුල්‍ය ආධාර … බැංකු ණය තාවකාලිකව අත්හිටුවයි – අගමැති

28 December 2018
in දේශීය

ගංවතුරෙන් අවතැන්ව සිටින උතුරේ ජනතාවට කඩිනමින් මූල්‍ය ආධාර ලබාදෙන බවත් එම ජනතාව ලබාගෙන ඇති බැංකු ණය සඳහා වාරික හා පොලිය අය කිරීම තාවකාලිව අත්හිටවන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ගංවතුරෙන් විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබදව කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පැවති විශේෂ සාකච්ඡාවකදීය.

විපතට පත්ව සිටින ජනතාවට කඩිනමින් මුල්‍ය හා අනෙකුත් ආධාර ලබාදිය යුතු බව මෙහිදී තීරණය කළ අතර සාකච්ඡාවෙන් අනතුරුව විපතට පත්ව සිටින ජනතාව වෙනුවෙන් එක් පවුලක් සඳහා රුපියල් දහදාහක් බැගින් වූ මූල්‍ය ආධාර පවුල් කිහිපයකට සංකේතාත්මකව ලබාදෙනු ලැබීය.

සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සමඟ කිලිනොච්චි මධ්‍යම ප්‍රාථමික විද්‍යාලයේ පිහිටුවා තිබෙන ආපදා මධ්‍යස්ථානයට ගොස් එම ජනතාව සමඟ සුහද පිළිසඳරක නිරත විය. එහිදී එම ජනතාව වෙත වියළි ආහාර, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ රැසක් පරිත්‍යාග කරනු ලැබීය.

කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව අවසන් වීමෙන් පසු තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “ කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල ඇතිවූ හදිසි ගංවතුර නිසා පවුල් 38000ක් විපතට පත්ව සිටිනවා. මේ අයගේ නිවාස හා අනෙකුත් ව්‍යාපාර කටයුතු වලට එමගින් හානි සිදුව තිබෙනවා. කිලිනොච්චිය හා මුලතිව් ආර්ථික වශයෙන් නොදියුණු දිස්ත්‍රික්ක දෙකක් වීම හේතුවෙන් ගංවතුරෙන් එල්ල වූ හානිය එම දිස්ත්‍රික්ක දෙකට දැඩිව බලපා තිබෙනවා.
මෙම ගංවතුර තත්වය ඇතිවූ මොහොතේ සිට ඉන් ජනතාව මුදවා ගැනීමටත්, ඔවුන්ට ආධාර උපකාර කිරීමටත් ක්‍රියාකළ දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පරිපාලන යාන්ත්‍රණයට මාගේ ස්තුතිය පිරිනමනවා.

විපතට පත්ව සිටින ජනතාවගෙන් එදිනෙදා අය කරන පොලිය සහ ඔවුන් ලබාගෙන තිබෙන බැංකු ණය අය කර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස අප උපදෙස් ලබාදී තිබෙන බව කිව යුතුයි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කීරිම සහ සමුපකාර සංචාරක අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, මාවෙයිසේනාධිරාජා, විජයකලා මහේෂ්වරන් මහත්මිය සහ උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිව සිටියහ.

Post Views: 14
Previous Post

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ – ඇමැති වජිර ( විඩියෝ)

Next Post

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

editor

editor

Next Post

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved