• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෘහස්ථ විදුලි බිල වැඩි කරන්නේ නෑ – විදුලි ඇමැති කියයි

8 April 2019
in දේශීය

Rawi Karunanayake TTVnews

කිසිසේත්ම ගෘහස්ථ මට්ටමේ විදුලිබිල වැඩි නොකරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ වර්තමාන විදුලිබල ක්ෂේත්‍රය පිළිබදව අද (08) පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවී පැවති සාකච්ඡාවකදීය.

 

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමා අමාත්‍යවරයා වශයෙන් වැඩ බාර ගත් දිනයේ සිට කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවයි. එසේම හැකියාව ඇතිනම් 2021 වන විට විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ මම වගකීමෙන් කියන්න පුළුවන් අප්‍රේල් මස 10 න් පස්සේ මෙම විදුලි කප්පාදුව ඇති වෙන්නේ නැහැ කියලා. හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්තවශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අපේ නොරොච්චෝල බාලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් ( සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. ඒ තුළින් අද සිට වෙසක් වෙනකල් කිසිම ගැටළුවක් ඇති නොවන පරිදි විදුලිය සපයන්න පුළුවන්. ඉන්පසුව අපි කැබිනට් අනුමැතිය ඇතිව මිල අවම අමතර විදුලිය මිලදී ගැනීම් එකතු කරනවා මෙගාවොට් 500ක්. අද ලංවිම නිපදවන ඒකකයට වඩා අවම මිලක් යටතේ අපට එය ගන්න හැකියාව තිබෙනවා. එහි එක් ඒකකයක් වෙනුවෙන් රු. 25.00 ක් පමණ වැය වෙනවා. නමුත් කැළණිතිස්සෙන් නිපදවන ඒකකයත් රු. 37. 00 ක් පමණ වෙනවා. අපේ මිත්‍යාවක් තිබෙනවා ලංවිමෙන් ගත්තම අඩුයි, පුද්ගලික අංශයෙන් විදුලිය ගත්තම මිල වැඩියි කියලා. එහි සත්‍යතාව තිබෙන්නේ 80% ක් වගේ ප්‍රතිශතයක්. මේ වැඩපිළිවෙල තව ඉදිරියට ගිහින් එල්.එන්.ජී . වලින් ඒකකයක් රු. 21.00ට වගේ මිලදී ගන්න සැලසුම් කරලා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දැනට සිදුවන විදුලි කප්පාදුව තාවකාලිකව අපි නවත්තන්නේ.

පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15 ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙගාවොට් 100 ක් පමණ ලබාගත්තා. මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටළුව විසදන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටළුවක් වුනේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ” යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 8
Previous Post

කවුරු බලයට ආවත් වැඩ කරන්න ඕන සමඟියෙන් – ඇමති රිෂාඩ් ඛනිජවැලි සේවකයින්ගෙන් ඉල්ලයි

Next Post

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තා හා ගිණුම් පිළිබද තරගාවලිය

editor

editor

Next Post

රාජ්‍ය අංශයේ වාර්ෂික වාර්තා හා ගිණුම් පිළිබද තරගාවලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved