• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජපානයේ රැකියා දෙනවා කියලා සල්ලි ගැරූ ආයතනයක් වටලයි

15 March 2019
in දේශීය

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් විවිධ පුද්ගලයින් වෙතින් මුදල් රැස්කිරීමේ කටයුතු සිදුකළ ආයතනයක් ඊයේ (14) දින වැටලීම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකර ඇත.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියේ මේ පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් අනුව වහාම ක්‍රියාත්මක වූ බවයි. විමර්ශන නිළධාරීන් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය අදාළ ආයතනය වැටලීම සිදුකර ඇති අතර, ඒ අනුව එම ආයතනයේ නීති විරෝධිව මුදල් රැස් කරමින් හා ජපන් රැකියා සදහා බදවාගැනීම් සිදුකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

මෙම තැනැත්තන් පොළොන්නරුව හා තලංගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍ර 13, ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සදහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇති අතර, ගුවන් ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මොවුන් විසින් ජපානයේ රැකියා අවස්ථාවක් ලබාදීම සදහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් ලබාගෙන ඇති අතර, එම ආකාරයෙන් මුදල් ලබාදුන් පුද්ගලයින් කිහිප දෙනෙකුද විමර්ශන නිළධාරීන් හමුවේ පෙනී සිට ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම රැකියා ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් පිළිබදව තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහාද විමර්ශන නිළධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටිති.

මෙම වැටලීම සිදුකිරීම සදහා නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතාගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – නීති) අනුමැතිය පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක අනුර සෝමසිරි, පොලිස් පරික්ෂක කුමාරසිංහ, උප පොලිස් පරික්ෂක ලියනගේ හා කාර්යාංශ නිළධාරීන්ද එක්වූහ.

 

Post Views: 5
Previous Post

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 වනදා

Next Post

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මි. 8000ක ආදායම් ඉලක්කයක් – ඇමති වජිර 

editor

editor

Next Post

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවට මි. 8000ක ආදායම් ඉලක්කයක් - ඇමති වජිර 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved