• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

3 May 2019
in දේශීය

අපි ශ‍්‍රී ලාංකිකයින් ලෙස ත‍්‍රස්තවාදය පෝෂණය කරන කරුණු කාරණා ලබානොදිය යුතු බව ජාතික සුරා සභාවේ අනුශාසක මුනීර් මුනාෆර් මවුලවිතුමා පවසයි. මවුලවිතුමා මේ බව පැවසුවේ අප්‍රේල් 21දා ප‍්‍රහාරය සහ එවැනි තත්වයන් යළි ඇති නොවීමට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදිය.

එහිදී මවුලවිතුමා කියා සිටියේ මුස්ලිම් සමාජය මේ ත‍්‍රස්තවාදයට එරෙහිව පෙනී සිටින මොහොතේ ඔවුන්ට ඒ සඳහා ශක්තියක් වෙන්න ලෙසත් මේ ත‍්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්න අප සියලූ දෙනා සහය විය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් ඔහු මෙසේ අදහස් පල කර සිටියේය ” පසුගිය 21 ඛේදවාචකය මුස්ලිම් සමාජයේ යම් පිරිසක් විසින් සිදුකර තිබෙනවා. ඔවුන් මුස්ලිම් සමාජයේ ඉතාම සුළු පිරිසක්. මේ මොහොත වන විටත් ශ‍්‍රී ලාංකික මුස්ලිම් ප‍්‍රජාව ඉස්ලාම් ත‍්‍රස්තවාදයට එරෙහිව සම්පූර්ණ සහාය ලබාදෙමින් සිටිනවා. ඇතැම් මව්වරු තම දියණිය පොලිස් අත්අඩංගුවට ලබාදුන්නා රට ගැන හිතලා. ශ‍්‍රී ලාංකික ජන සමාජයෙන් ආයාචනා කරනවා මුස්ලිම් සමාජය මේ ත‍්‍රස්තවාදයට එරෙහිව පෙනී සිටින මොහොතේ ඔවුන්ට ඒ සඳහා ශක්තියක් වෙන්න කියලා. මේ ත‍්‍රස්තවාදය මේ රටින් තුරන් කරන්න අපි සියලූ දෙනා සහය විය යුතුයි. අවාසනාවකට මේ දිනවල මාධ්‍යවල හැසිරීම ගැන කණගාටුයි. මාධ්‍ය රටේ සුභසිද්ධිය සම්බන්ධයෙන් මැදිහත්විය යුතු ආයතන. නවසීලන්ත ප‍්‍රහාරයේදී එම මාධ්‍ය මාධ්‍ය සාදාචාරයට අනුව කටයුතු කළා. නමුත් අපේ රටේ මාධ්‍ය හැසිරීම ත‍්‍රස්තවාදයට අනුබල දෙන හැසිරීමක් තිබෙනවා. මේතරම් හානියක් සිදුවෙලත් කඳුළු සලන දේශපාලකයෙක් අපි දැක්කේ නැහැ. සියලූ දෙනා එකතුවෙලා මේ ප‍්‍රශ්නයට මුහුණ දෙමු කියලා කියන්න නායකයෙක් අපේ රටේ හිටියේ නැහැ. නවසීලන්තයේ නායකයා කාන්තාවක් වුණත් ඇයට හැකිවුණා සියලූ දෙනා එකතු කරගෙන එම ප‍්‍රශ්නයට මුහුණ දෙන්න. අපි පත්කරගත්ත අදම පාලකයින් නිසා තමයි අපි රටක් විදියට මේ ප‍්‍රශ්නවලට මුහුණ දීලා තිබෙන්නේ. සෑම අයහපතක් තුළම යහපතක් තිබෙනවා. මේ ඇතිවුණ සිදුවීමෙන් රටට යහපතක් ඇති කිරීමට නම් ජාති, කුල මල බේදවලින් තොරව නොබෙදුණු ජාතික බලවේගයක් අපි ගොඩ නැගිය යුතුයි. එවැනි බලවේගයක් ගොඩනගන තාක්කල් මේ ප‍්‍රශ්නය විසඳගන්න බැහැ. පටු විදියට හිතන මිනිස්සු කවදාවත් රටේ සාමය ගොඩනගන්නේ නැහැ.

Post Views: 18
Previous Post

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට යවන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති පාඨලි

Next Post

ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සදහා දෙවන ශ්‍රි ලාංකික තරුණිය පිටත් වෙයි

editor

editor

Next Post

ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සදහා දෙවන ශ්‍රි ලාංකික තරුණිය පිටත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved