• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්ති කිසිවිටකත් දුර්වල කර නෑ – ජනපති

4 April 2019
in දේශීය

ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් දුර්වල කර නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අද ත්‍රිවිධ හමුදාව විශාල කැපවීමක් සිදුකරමින් සිටින අතර දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

එහි දී කැළිකසළ කළමනාකරණය සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය දේශපාලන පක්ෂ භේදයෙන් බැහැර වූ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සකස් කෙරුණු වැඩපිළිවෙළක් විය යුතු බව කියා සිටියේ ය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැළිකසළ ගැටලුව විසඳීමේ ප්‍රමාදයක් සිදුව ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සමඟ සකස්කරන සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී මතුකෙරෙන මහජන විරෝධතාවයන් බවයි. කැළිකසළ ඉවත් කිරීමේ නෛතික වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන අතර එම ආයතන සතු සම්පත් ප්‍රමාණවත් නොවීම ද ගැටලුවක් වන අතර මෙම ප්‍රධාන ගැටලු දෙක ජාතික ප්‍රතිපත්තියක් තුළ කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

උමාඔය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එහි කටයුතු මේ වන විට 95්‍ර ක් අවසන් ව පවතින අතර මෙම වසර අවසන්වන විට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමා කිරීමට හැකිවනු ඇති බවයි.

මහවැලි ව්‍යාපාරයට අයත් ඉඩම් ලබාදීමේ දී දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම වැඩපිළිවෙළේ දී කිසිදු ආකාරයේ වංචාවක්, දූෂණයක් හෝ දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කිරීමක් සිදුව නොමැති බවයි.

මොරගහකන්ද ජලාශය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට මෙතෙක් ලබාදුන් විශාලම වන්දි මුදල ලබාදීමට පියවර ගත් අතර ඔවුන් නැවත පදිංචිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අංගසම්පූර්ණ ගම්මාන ඉදිකර තිබෙන බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් දුර්වල කර නොමැති බවයි. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අද ත්‍රිවිධ හමුදාව විශාල කැපවීමක් සිදුකරමින් සිටින අතර දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

වඩා මිත්‍රශිලි පොලිස් සේවාවක් ස්ථාපිත කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනාට තෘප්තිමත් මානසිකත්වයකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වූ අතර, මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී මෙන්ම අපරාධ මර්දන වැඩපිලිවෙළේ දී පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශවල නිලධාරින් සිදුකරන කැපවීම ඇගැයීමට ලක් කළේය.

 

 

Post Views: 13
Previous Post

හානිපුර්ණ කාර්යාල සාමාජිකයින් කථානායක හමුවෙයි

Next Post

අයවැය ඡන්ද විමසීම අදයි… වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?

editor

editor

Next Post

අයවැය ඡන්ද විමසීම අදයි... වැඩි ඡන්දයෙන් සම්මත වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved