• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිනන එක පරදින එක තීරණය කරන්නේ මමයි – ජනපති දැඩි තීන්දුවක

27 August 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට සහභාගී නොවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තීරණය කර තිබියදී පක්ෂ තීරණයට පිටින් යමින් එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතාට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ‍

මෙහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කවුරු අපේක්ෂකයා ලෙස කුමන පක්ෂය නම් කළත් අන්තිමේ දී කවුරු දිනවනවාද කවුරු පරද්දනවාද කියලා තීරණය කරන්නෙ තමා බවයි.

තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බැවින් එම ඡන්ද නොමැතිව කයිවාරු ගහන කිසිවකුටත් දිනන්නට නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තා වේ. එමනිසා ඉදිරියේ දී පත්වන ජනාධිපතිවරයා කවුරුන්දැයි තීරණ ගන්නේ තමා මිස නටන දඟළන අය නොවන බව කවුරුත් මතක තබාගත යුතු බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

තවද, පක්ෂයක් ලෙස විනයක් තිබිය යුතු බව පෙන්වා දෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ තමා බොහෝ අවස්ථාවල දී ඉවසීමෙන් කටයුතු කළ නමුත්, එය දුර්වලකමක් කියා බොහෝ දෙනා සිතුවද දැන් ඒ සියල්ල අවසන් බැවින් කිසිදු සමාවක් මින් ඉදිරියට නොලැබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

“ඔය ගියපු හැමෝටම එරෙහිව වහාම විනය පරීක්ෂණ තියන්න. ඒවා ඇද ඇද ඉන්නත් එපා, හැකි ඉක්මනින් ඉවර කරන්න” යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහි දී ප්‍රකාශ කර ඇත.

පසුගිය 11 වනදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුවෙන් අනතුරුව දයාසිරි ජයසේකර මහතාව දුරකථනයෙන් අමතා ජනාධිපතිවරයා මේ බව පවසා ඇති බව පැවසේ. ‍

Post Views: 9
Previous Post

බෝගම්බර බන්ධනාගාරය දැන් නිදහසේ කේන්ද්‍රස්ථානයක් බව අගමැති කියයි

Next Post

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා – අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

editor

editor

Next Post

පක්ෂයේ ව්‍යවස්ථා උල්ලංඝණය කරලා - අජිත්ට සුජිවට කරුණු දක්වන ලෙස දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved