• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දේශපාලන කුමන්ත්‍රණ සහ රඟපෑම් ගැන ඇමැති රාජිතගෙන් හෙළිදරව්වක්

25 February 2019
in දේශීය

කාබන් බද්ධ අද ප්‍රශ්නයක් වී ඇති බවත් කාබන් බද්ධ පනවා ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති පරිසර අමාත්‍යාංශයෙන් නමුත් ජනතාවගෙන් බැනුම් අහන්නේ රජයේ අපි බවත් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම ඛේදවාචකය හදුනාගෙන ඉදිරි දේශපාලනය කළ යුතු බව අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා මතුගම ශ්‍රවණාගාරයේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “වත්මන් රජයේ වැරදි තිබෙනවා. වැරදි කරන අයත් ඉන්නවා. නමුත් සුදු වෑන් සංස්කෘතිය අද නැහැ. උතුරේ ජනතාවටත් එහෙමයි. අතුරුදන් කිරීම් නැහැ. උතුරට නියම නිදහස ලැබී තිබෙනවා. උතුරේ ජනතාව අද රජයට විරුද්ධව විරෝධතා උද්ඝෝෂණ කරනවා. ඒ ඔවුන්ට නිදහස ලැබී තිබෙන නිසා. තරුණ තරුණයින්ගේ අයිතිය අපි ලබාදිය යුතුයි. අපි හැදුවේ ජාතික රජයක්. එම ජාතික රජයේ සියලු බලාපොරොත්තු ජනාධිපතිවරයා ඇතුලු පිරිස විනාශ කළා. ඔවුන්ට කරන වැඩ ගැන හැගීමක් තිබුනේ නැහැ. අපි එම බාධක බිදමින් ඉදිරියට ගියා. රජය බිහි කළ දවසේ සිට රජයේ සිටි අය රජය විවේචනය කළා. එය වැරදියි. පළාත් පාලන මැතිවරණය පරාදවීමට ද එම තත්ත්වය බලපෑවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදයේ දී ජනාධිපතිවරයාගේ හොර රඟපෑම කරළියට පැමිණියා. පුජාතත්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ අරමුණින් ජනතාව පෙළගැසුනා. දින 53 අර්බුදයෙන් පසු ලැබූ ජයග්‍රහණයත් සමග අපි ඉදිරියට යන්නේ බාධක මැදයි. මගේ සෞඛ්‍ය සේවාවන් වලට ඇතැම් සංගම් විරුද්ධයි. ඇතැම් වෛද්‍යවරුන් මා සමග එකමුතුව වැඩ කරනවා. ඇතැම් ප්‍රතිපත්ති විනාශ කරන්න, කඩාකප්පල් කරන්න ගත වන්නේ සුළු මොහොතක්. නමුත් ගොඩනගන්න අමාරුයි. කාලකණ්නි සිතුවිලි තිබෙන අයත් ඉන්නවා. සෞඛ්‍ය සේවාවන් ලබාදීම සදහා 2019 වසරේ දී මූල ධන වියදම ලෙස සෞඛ්‍ය ආමාත්‍යාංශයට රුපියල් බිලියන 185 ක් වෙන් කර තිබෙනවා. මම ඉල්ලන අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය ලබාදෙනවා. ජනතාව වෙනුවෙන් තමයි මගේ සේවාවන් ලබාදෙන්නේ. පෙබරවාරි මාසයේ දී විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 4600 ක් අපේ රජය ගෙවා දැමුවා. ඉන් සියයට 87 ක්ම රාජපක්ෂලා ලබාගත් ණයයි. වාණිජ ණය සියයට 8 කට වඩා පොලියට රාජපක්ෂලා ලබාගෙන තිබුනා. ණය ගෙවීමට විදේශ රටවල් කිහිපයක් අපට සහයෝගය ලබාදුන්නා. ඉදිරියේ දී ගම්පෙරළිය වැඩසටහනේ දී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකට ලක්ෂ 3000 ක් ලැබෙනවා. ඒ ජනතාවගේ ප්‍රශ්න විසදීම සදහායි.” යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට අතිවිශාල තරුණ තරුණයින් පිරිසක් එක්ව සිටි අතර, එක්සත් ජාතික පක්ෂයේ මතුගම ප්‍රධාන සංවිධායක ජගත් විතාන, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 25
Previous Post

පහර ගැසීමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් බව අගමැති කියයි

Next Post

ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් අභියෝගවලට මුහුණ දුන් බව ඇමැති කබීර් කියයි

editor

editor

Next Post

ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් අභියෝගවලට මුහුණ දුන් බව ඇමැති කබීර් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved