• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නල්ලමුදාව, ආඩියාගල, නෙල්ලිකුළම, කල්‍යානිපුර හා පාලක්කුලි තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනයට

5 June 2024
in දේශීය, පුවත්
සෑම දිස්ත්‍රික්කයකටම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 06ක් බැගින් ගම්මාන 160ක් – කෘෂිකර්ම අමාත්‍යංශය

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුළම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන 05 තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා තෝරා ගැනීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩ පිළිවෙළ යටතේ මෙම තෝරා ගැනීම සිදු කර ඇත.

මෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය විසින් ලබා දී ඇත.

ඒ අනුව එක් ගමකට පළමු අදියර යටතේ යටතේ රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත.

මීට අමතරව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අදාල ගම්මාන අවට ඇති සියලුම වැව්, අමුණු හා ඇළමාර්ග පද්ධති නවීකරණය කරනු ලබයි. මෙම කටයූතු සඳහා රුපියල් මිලියන 3000ක මුදලක් වැය කිරීමට නියමිතය.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ වගා ගම්මාන වැඩ පිළිවෙළ යටතේ 2023 වසරේ ගම්මාන 11ක් සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළේය. මේ වනවිට සාර්ථකව සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Post Views: 19,574
Previous Post

මම සෙරෙප්පු දමාගෙන ගිහින් ආණ්ඩුව භාරගත්තා – ජනපති

Next Post

වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක් - රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved