• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

4 February 2019
in විදෙස්

උත්තර මානවවාදීන් දෙදෙනෙකු විසින්, මනුෂ්‍ය ශෛල සංහති පරිවර්තනය කිරීම වස්, ජාන ඉන්ජිනීරු විද්‍යාවත්, “නිර්මාණ ළදරු” බිහිකිරීමත්, සඳහා ආරම්භක සමාගමක් දියත් කර ඇති බව ඇමරිකාවේ ඇම් අයි ටී ටෙක්නොලජි රිවියු සඟරාව වාර්තා කරයි.

එම සඟරාව වාර්තා කර සිටියේ බ්‍රයන් බිෂොප් නැමති පරිගණක ක්‍රමලේඛකක්, මැක්ස් බෙරි නැමැති ජීව තාක්ෂණ සමාගමක හිටපු පරීක්ෂනාගාර විද්‍යාඥයෙකු හා එක්වී, මෙම සමාගම ආරම්භ කොට ඇති බවයි. ඔවුන් උත්තර මානවවාදීන් වනු ඇති අතර ඔවුන් විද්‍යාව හා තාක්ෂණය යොදාගෙන, මානව වර්ගයා වර්තමාන භෞතික හා මානසික සීමාවන් අභිබවා යමින්, පරිණාමය ප්‍රවර්ධනය කල යුතු යයි විශ්වාස කරයි.

මේ දෙදෙනා, යුක්‍රයිනයේ පරීක්ෂණාගාරයක, මීයන් යොදා, විද්‍යාගාර කටයුතු ආරම්භ කර ඇති අතර, පළමු පාරිභෝගික යුවළද ඔවුනට ලැබී ඇත. මනුෂ්‍ය ඩී.ඇන්.ඒ (ඩිඔක්සිරයිබෝනියුක්ලෙයික් අම්ල – එනම්, ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණයට දායක වන අණු වර්ගයක්) පරිවර්තනය කිරීමෙන්, “වඩා දියුණු” ළදරුවන් බිහි කිරීම ඔවුන් අපේක්ෂා කරති.

මෙතෙක්, ජාන වෙනස්වූ ළදරුවන් ඇති කිරීමේ පර්යේෂන කර ඇත්තේ, ඩිම්බය සංසේචනය වන අවස්ථාවේදී එයට ජාන-පරිවර්තනය කරන ලද ශෛල එන්නත් කිරීමෙනි. නමුත්, බිෂොප් හා බෙරි, ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන පුරුෂයකුගේ වෘෂණ වලට ජාන චිකිත්සා සිදු කිරීමෙන්, වැඩි කරන ලද ඩී. ඇන්. ඒ. සහිත ශුක්‍රානු භාවිතයෙන්, කාන්තාවක් ගැබිණි කිරීම අපේක්ෂා කරති.

බිෂොප්, බිට්කොයින් ගුප්තකේතන මුදල් ආයෝජන මඟින් තම ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන අතර, “නිර්මාණ ළදරු” ලක්ෂ ගණන් බිහි කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ආදායමක් ප්‍රක්ෂේපණය කරයි .

Post Views: 20
Previous Post

71 ජාතික නිදහස් දිනය අදයි

Next Post

නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය ඇමැති රාජිත හෙළි කරයි

editor

editor

Next Post

නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය ඇමැති රාජිත හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved