27 July 2024
#දේශීය

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ – ඇමැති වජිර ( විඩියෝ)

විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට පාලනයට දක්ෂ පිරිස් බිය නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.  TTvnews.lk වෙබ් අඩවිය සමඟ කල සම්මුඛ සාකච්ඡාතවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විදේශ රටවල් සමඟ වැඩ කිරීමට කිසිදු බියක් නොමැති බවයි. එසේම ඉදිරියේදී ජනතාවගේ අවශ්‍යතාව මත ඕනෑම මැතිවරණයකට සුදානම් බව ද ඔහු කියා සිටියේය. 
 
TTvnews.lk වෙබ් අඩවිය විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ පොදු අපේක්ෂකයාව තවමත් විශ්වාස කරන්නේ ද යන්න පිළිබඳව. එයට පිළිතුරු ලබා දුන් වජිර අබේවර්ධන මහතා කියා සිටියේ පුද්ගලයින්ගේ විශ්වාසය සම්බන්ධයෙන් කිසිවක් කිව නොහැකි බවත් සාකච්ඡා මට්ටමේ යම් ආකාරයකින් විසදා ගැනීමට හැකියාව ඇති බවයි.
 
එසේම අග්‍රාමාත්‍යවරයාව ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැතිබවත් එය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැහැදිලි කළේය. 
 
එම සම්පුර්ණ විඩියෝව මෙතනින් 
 

Leave a comment

Your email address will not be published. Required fields are marked *