27 April 2024
#දේශීය

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සජිත්

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත. මූලික විමර්ශනවලදී මෙම බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මකින් යුත් ඒවා නොවන බවට තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි

Leave a comment

Your email address will not be published. Required fields are marked *