• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් හදිසි නිරීක්ෂණයක්

21 December 2020
in දේශීය

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණයකට එක්විය.

ඒ, කොවිඩ් 19 පාලනය සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත්, ඉදිරියේදී සංචාරකයින් මෙරටට ඇතුළුවීමේදී සහ සාමාන්‍ය ගුවන්සේවා ආරම්භ කිරීමේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය පිලිවෙත් පිළිබඳ සොයා බැලීම සඳහායි.

ගුවන් මගීන් මෙරටට ඇතුළුවීමේදී සහ මෙරටින් පිටවීමේදී ගුවන්තොටුපොළේදී අනුගමනය කෙරෙන සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදව දැඩි නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය එය ප්‍රායෝගිකව සිදුවන ආකාරයත් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ ඒ සදහා කැපවන ආකාරයත් නිරීක්ෂණය කළාය.

ගුවන්මගීන් ගුවන්තොටුපොළේ ගැවසෙන සියළු ස්ථාන පරීක්ෂාවට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය වෙන් වෙන් වශයෙන් එක් එක් ස්ථානවල ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය ක්‍රමවේද පිළිබදවත් ගුවන් මගීන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබදවත් මෙහිදී විමසා බැලීය.

කොවිඩ් 19 තත්වය හමුවේ මෙරටට පැමිණෙන ගුවන්මගියෙකු ගුවන්තොටුපොළ තුළ ගතකරන කාළය සම්බන්ධයෙන් අමාත්‍යවරිය විසින් විමසා බැලු අතර එහිදී පැය 2ක කාළයක් තුළ සියළු කටයුතු අවසන් කර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකිරීමට කටයුතු කරන බව ගුවන්තොටුපොළ කළමණාකරු විසින් පවසා තිබේ.

නිරීක්ෂණ කටයුතු අවසානයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරිය සදහන් කලේ කොවිඩ් 19 පාලනය කිරීම සදහා ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලයත්, ආරක්ෂක අංශත් ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවත් ඔවුන් කරන කාර්ය භාර්ය පිළිබදව සිය ස්තුතියත් මෙහිදී පුදකරන බවයි.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ගුවන්තොටුපොළ කළමනාකරු ජී.කේ.ඩී.සී.ඩී සමරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවිය.

 

Post Views: 6
Previous Post

ගවේෂණ නොකරන අයගේ බලපත්‍ර අහෝසිකරන බව ඇමැති අමරවීර පවසයි

Next Post

වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි

editor

editor

Next Post

වයිබර් දශක සැමරුමට සමගාමීව විශේෂ දීමනා රැසක් හඳුන්වාදෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved