27 July 2024
#දේශීය

මරණ දඬුවමට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ලබන ඔක්තෝබර් 30 වැනිදා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිකුත් කර ඇත.

මෙම නියෝගය නිකුත් කර සිටියේ බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්ය.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු අවස්ථාවේදී මෙම තහනම් නිකුත් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *