• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කිරුල කාන්තාවන්ට

2 August 2024
in ක්‍රීඩා
මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කිරුල කාන්තාවන්ට

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ කිරුල කාන්තාවන්ට
පස් වතාවක් එක දිගටම අනුශුරයන් වෙනවා කියන එකත් වෙනම ගේමක් ,එක දිගටමඑහෙම වෙලා ශුරයන් වෙලා කප් එක තම මව්රටට අරගෙනම ගේම අහවර කරනවා කියන්නෙත් ඉතිං ගැම්මක් තමා. රටක් හැටියට ඒක සමරන්න ඕන ජයග්‍රහණයක් නෙවෙයි විජයග්‍රහණයක්.මහත්වරුන්ගේ ක්‍රීඩාව යන විරුදාවලිය සහිත ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට ඉතාම උද්වේගකාරී සහ වාණිජමය වටිනාකමකින් යුතු ක්‍රීඩාවක් බවට පත් වී හමාරයි . අපේ රටේ මහත්වරුන් සෙල්ලම් කරන ක්‍රිකට් එහෙමත් නැත්නම් MENS CRICKET ඉතාම පහල මට්ටමකට වැටිලයි තියෙන්නේ ඒක හරියට දැන් නිකං සුදු අලියෙක් හා සමානයි රූපවාහිනි විකාශන අයිතියේ ඉදලා ක්‍රීඩකයින්ගේ ගෙවීම්, පහසුකම්, ආදී මෙකි නොකී ගනු දෙනූ වලින් විශාල ඩොලර් ප්‍රමාණයක් එහා මෙහා වෙන එකනම් හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් . ලෝකයේ අනිත් කණ්ඩායම් තම වගකීම මැනවින් ඉටුකරමින් ,ඉතාම තරගකාරී සහ ප්‍රවේගකාරී තරඟ රටාවන්ට අනුගතවෙමින් ඊට අදාළ තාක්ෂණික දැනුම සහ මෙවලම් ද යොදාගෙන තවමත් තරගබිමේ රැදිසිටින්නට සමත්වෙලා තියෙනවා. ඒත් අපේ රටේ උන්දැලාටනම් ඒ ගැන වගේ වගක් නැති ගානයි. ලෝක ක්‍රිකට් ශුරයන් හැටියට කිරුළුපලන් රටක් සුදුසුකම් ලැබීමේ තරග වලට පවා ක්‍රීඩාකර තමන්ගේ ස්ථානයක් රැක ගන්නට සිදු උනා. කෙසේ හෝ එසේ සුදුසුකම් ලබාගත්තද දිගින් දිගටම සුපුරුදු දුර්වල ක්‍රීඩා විලාශයම පෙන්නුම් කරමින් ශ්‍රීලංකා {පිරිමි}ක්‍රිකට් කණ්ඩායමට 2024 ඉන්දීය කණ්ඩායමේ ශ්‍රීලංකා සංචාරය තුලදී දරුණු ලෙස පසුබෑමකට ලක්වන්නට විය .ඒ පසුගියදා පල්ලේකැලේදී නිමාවට පත්වුනු තරග තුනකින් සමන්විත T20 තරගාවලියේදීය. එහිදී තරග 3-0 ලෙස තරගාවලියේ ජය ඉන්දීය කණ්ඩායමට හිමි විය. එසේ පල්ලේකැලේදී දරුණු ප්‍රහාරයකට ශ්‍රීලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලක්වෙද්දී, දඹුල්ලේදී ඉන්දීය පිල දරුණු ප්‍රහාරයකට ලක්වෙන්නේ ශ්‍රීලංකා කාන්ත ක්‍රිකට් කන්දයමෙනුයි .පස් වතාවක් එක දිගටම Final පරදවුනු අපේ කාන්ත ක්‍රිකට් කණ්ඩායම මෙවර 2024 විස්සයි විස්ස කාන්ත ලෝක කුසලානය තමන් සතු කරගන්නට සමත් වුණා. ‘පරදින දිනන එක අපට කොන්ට්‍රෝල් කරන්න බැ යයි ශ්‍රීලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් කියද්දී ,හර්ෂිකා සමරවික්‍රම ක්‍රීඩිකාවනම් කිව්වේ,පන්දු රැකීමේදී උද පන්දු දෙකක්ම මගේ අතින් ගිලිහි ගියා,ඉන්දියානු කණ්ඩායම ලකුණු කියක් ගැහුවත් මම ඒ ගාන chase කරනවා කියලයි .
ශ්‍රිලංකාවේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ගැන කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් කිව්වේ අන්න එහෙමයි

 

Post Views: 27
Previous Post

ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ සහයක පුහුණුකරුවන් හදිසියේ හම්වෙයි

Next Post

‘ජනපතිවරණයෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ මතය’

Editor TTV News

Editor TTV News

Next Post
‘ජනපතිවරණයෙන් පසු  ආසියානු සංවර්ධන බැංකුවේ මතය’

'ජනපතිවරණයෙන් පසු ආසියානු සංවර්ධන බැංකුවේ මතය'

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved