• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාකදුරේ මධුෂ්ගේ හෙළි කිරිම් ගැන ඇමැති රාජිතගෙන් අනාවරණයක්

30 June 2019
in දේශීය

තුට්ටු දෙකේ දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බවත්, ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් පසු ජනතාවට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එම දේශපාලනඥයින්ගෙන් තිදෙනෙකු විපක්ෂයේ බවත්, සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයේ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. විපක්ෂයේ සිටින එක් අයෙකු තමන්ට චෝදනා එල්ල කළ විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ ඊයේ (29) උතුරු පයාගල සිට ගොරකදුව පාර අධිෂ්ඨාන පුර දක්වා මාර්ගය කාපට් කිරිම ආරම්භ කිරීමෙන් පසු පැවැති ජන හමුවක දීය. මාර්ගය කාපට් කිරීම සදහා වැය කරන මුදල තුන්කෝටි අසූඅටලක්ෂයකි. මෙම මාර්ගයේ කිලෝමීටර් 02 වැඩි කොටසක් මෙලෙස කාපට් කිරීමට කටයුතු යොදා ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා “කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා. ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා. පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා. වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා. බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි. ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා. වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා. ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විඡේමාන්න මහතාගෙන් සහයෝගය ලැබුනා. විශේෂ කාර්ය බලකාය විසින් වැටලූ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකුට විතරක් පව්ත්වාගෙන යන්න බැහැ. කාගේ හරි මුදල් ආයෝජනය කළ යුතුයි. පසුගිය කාලයේ මත්පැන් නිෂ්පාදනය අඩු වුනා කියලා කියනවා. නමුත් දේශපාලන බලපෑම් මත මෙවැනි ආකාරයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුව තිබෙනවා. එවැනි තුට්ටු දෙකේ දේශපාලනඥයින් සමග තමයි අපි රට හදන්න යන්නේ. ජනතා ඡන්දයෙන් ඔවුන් බිස්නස් කරනවා.”

 

“නොමිලේ ස්ටෙන්ස්, අක්ෂි කාච ලබාදීමේ වැඩපිළිවෙලට මෙන්ම පිළිකා ඖෂධ අඩු කිරීමේ වැඩපිළිවෙළටත් ඇතැම් වෛද්‍යවරුන් විරුද්ධයි. මම දුම්කොළ, ඖෂධ, පැණිබීම මාෆියාවට එරෙහිව සටන ආරම්භ කළ විට ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගය ලබාදුන්නා. එම සංවිධානයේ 2016 වාර්තාවේ සදහන් වෙනවා මෙම සටනේ දී අපි සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටින බව. පසුගිය කාලයේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ ආනයනය කරමින් කොමිස් ගත් පුද්ගලයින් මට විරුද්ධව වැඩ කරනවා. මගේ චරිතය ඝාතනය කරන්න හදනවා. පෙත්සම් අත්සන් කරනවා. සේනක බිබිලේ මහතාටත් විරුද්ධව එවැනි වැඩපිළිවෙළක් දියත් වුනා. ඔහු අවසානයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිටින්නේ කෙළෙහි ගුණ නොදත් අය කියලයි. කුමන බාධක පැමිණියත් මම කලබල නොවී ඉදිරියට යනවා. මෙවැනි කොල්ල කෑම් නතර කරනවා. මට මේ රටේ බලය ලැබුනු දවසක බඩු මිලත් අඩු කරනවා. වංචා, දුෂණ සහ කොමිස් නැති කරලා බෙදාහැරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ පසු එය සිදු කරන්න පුළුවන්.”යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඉෆ්ථිකාර් ජමිල් මහතා, බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුලු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 21
Previous Post

අනුරාධපුරය සංවර්ධනය කටයුතු කඩිනමින් – ඇමති චම්පික

Next Post

මත්ද්‍රව්‍ය පිටු දැකීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

editor

editor

Next Post

මත්ද්‍රව්‍ය පිටු දැකීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved