• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

3 October 2018
in දේශීය

පාඨකයාගේ රුචිකත්වය කුමක්ද යන්න ජනමාධ්‍යවේදියා වටහා ගත්තත්, ඔහුට සැමවිටම මාධ්‍ය ආයතනයේ රාමුව තුළ කොටුවීමට සිදුවීමට සිදුවන නමුත් මාධ්‍යවේදියා සෑම විටම කටයුතු කළ යුත්තේ සමාජ ආරක්ෂකයෙක් වශයෙන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) පස්වරුවේ, බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති බලශක්ති මාධ්‍ය සම්මාන එළිදැක්වීම 2019 උත්සව අවස්ථාවට සහභාගි වෙමින්. දිවයිනේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් සුනිත්‍ය බලශක්ති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා ඉටුකළ සහ ඉටු කෙරෙන මෙහෙවර ඇගයීම වෙනුවෙන් මෙම බලශක්ති සම්මාන පිරිනැමීමට ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදහස් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා “අපේ රටේ බලශක්ති පරිභෝජනයේදී 10% – 12% අතර ප‍්‍රමාණයක අපතේ යාමක් සිදුවෙනවා. මෙසේ සිදුවීමට ප‍්‍රධාන හේතුව තමයි පාරිභෝගික ජනතාවගේ නොදැනුවත්කම. මෙම ගැටළුව විසදිය හැකි එකම ක‍්‍රමය තමයි, ජනතාව නිසි පරිදි දැනුවත් කිරීම. ඒ සඳහා යොදාගත හැකි සුදුසුම ක‍්‍රමවේදය තමයි ජනමාධ්‍ය. මෙහිදී මාධ්‍යවේදියා සතු කාර්යබාරය ඉතාමත් සුවිශාලයි. එවන් සුවිශාල කර්තව්‍යයක් සිදුකරන මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආයතන නිසි ඇගයීමට ලක්කිරීමට තමයි අපි මේ සැරසෙන්නේ. සම්මානයට, අභිපේ‍්‍රරණයට අපි කව්රුත් කැමතියි. එසේ සම්මානයට පාත‍්‍රවීමෙන් අදාළ පුද්ගලයා විසින් ඉටුකරන කාර්යය, තවත් සාර්ථකව ඉටුකරන්න ඔහු පෙළඹෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ සමාජ ආරක්ෂකයා ඇගයීමට ලක්කරන්න මේ වගේ බලශක්ති මාධ්‍ය සම්මානයක් සකස් කළේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස, විදුලිබල හා පුනර්ජනිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගි වූහ

 

Post Views: 15
Previous Post

මීලඟ ජනාධිපති අපේක්ෂක……. පාඨලිද ?

Next Post

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

editor

editor

Next Post

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි - ජනපති මාධ්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved