• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටට අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්න පුලුවන් – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති

13 July 2023
in දේශීය

මෙරටට අවශ්‍ය ප්‍රමාණයට ත්‍රිපෝෂ නිෂ්පාදනය කල හැකි බවත් එහි මේ වන විට හා බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකරන බවත්, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් දැක්වූයේ අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ” මේ ආයතනය වර්ෂ 2017 දී පාඩු නොලබන ලාභ ලබන ආයතනයක් බවට පත් වුනා වර්ෂ 2020 වෙනකොට ත්‍රිපෝෂ සංස්ථාව රජයට අයත් ලාභ ලබන ප්‍රධාන ව්‍යාපාරයක් බවට පත්වුණා. වර්ෂ 2021 දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය වන 100%ක්ම ස්වාධීන ආයතනයක් විදියට ත්‍රිපෝෂ සමාගම පත් වුණා. ත්‍රිපෝෂ පැකට් එකක් නිෂ්පාදනයට යන පිරිවැයට 8%ක ලාභාංශයක් ඇතුව තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන්නේ. වාර්ෂිකව අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියනවා මෙම වර්ෂයේදී මෙච්චර ත්‍රිපෝෂ ප්‍රමාණයක් අපට අවශ්‍යයි කියලා. මාසිකව අපි ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 19ක් විතර ලබා දෙන්න ඕන. දැනට ලක්ෂ 13ක විතර අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. ඒ ලක්ෂ 13 අපි නිෂ්පාදනය කරන්නේ ගර්භනී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ලමුන්ට දෙන්න. වයස මාස 06 සිට අවුරුදු 03 දක්වා ළමුන්ට ලබා දෙන ත්‍රිපෝෂ වලට අදාල නිර්නායකයන්හි පවතින ගැටළුවක් නිසා ඒ වයසට අදාල ත්‍රිපෝෂ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ නිර්නායක සෞඛ්‍ය අමාත්‍යාංශය නිරාකරණය කර දීමෙන් පසුව මාස 06 ත් අවුරුදු 03 ත් අතර දරුන්වටද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ත්‍රිපෝෂ සමාගමට තියෙනවා. බඩ ඉරිඟු හිඟතාවය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ලංකාවේ වෙළෙඳපොලට අවශ්‍ය බඩ ඉරිඟු නිෂ්පාදනය කර ගැනීමට අපි තවම සමත් වෙලා නැහැ. ත්‍රිපෝෂ සමාගම කොරෝනා කාලයේවත් අපි වැහුවෙ නැහැ. කොහොම හරි අපි ඒ කාලෙත් ගම්වලට අවශ්‍ය ත්‍රිපෝෂ ලබා දුන්නා. ඒවගේම තමයි අපි ලංකාව තුල ත්‍රිපෝෂ බෙදා හරින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොරි වලින් සහ දුම්රිය මගින්. අපිට අවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය හරියටම ලැබුණොත් අඛණ්ඩවම දින 20ක් ඇතුලත් ලංකාවටම අවශ්‍ය පැකට් 19 ලක්ෂයම නිපදවන්න පුලුවන්. ත්‍රීපෝෂ සමාගම සඳහාම ගොවීන් ලවා බඩ ඉරිඟු වගා කිරීමේ ක්‍රම වේදයක් එන මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණු පසු එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඒ මහතා මේ අවුරුද්දේ මේ වන විට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37කට වැඩි ප්‍රමාණයක් ගම්මානවලට බෙදා හැර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

EPF පනතට සංශෝධන ගේනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

Next Post

කොළඹ ආරක්‍ෂක සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වේ

editor

editor

Next Post

කොළඹ ආරක්‍ෂක සමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved