• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

28 February 2019
in දේශීය

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කෑමොර දුන්නේ රනිල් වික‍්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී දිසානායක මහතා කියා සිටියේ එ.ජා.ප.යේ පක්ෂ සමුළු දෙකකදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න යෝජනා සම්මත කරගෙන තිබෙන බවත් වංගු ගසා එය මඟහරින්න රනිල් වික‍්‍රමසිංහට කිසිදු අයිතියක් නොමැති බවයි. මුස්ලිම් කොංග‍්‍රසය, සහ මනෝ ගනේෂන්, රිෂාඞ් බදුර්දීන්, ඇමතිවරුන්ගේ පක්ෂ සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන බවත් ඉදිරි සතියේදී මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද සාකච්ඡා කරන්න සුදානමක් ඇති බව හෙතෙම කියා සිටියේය.

ඒ විතරක් නොවෙයි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතාව සමග පුළුල් සාකච්ඡාවක් ආරම්භ කළ යුතුව තිබෙන අතරම පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත‍්‍රණයෙන් පසුව මෙම විධායක ජනාධිපති ක‍්‍රමයේ විකාරරූපී බව ඔප්පු වු බව දිසානායක මහතා කියා සිටියේය.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මේ වන විට තිබෙන තත්වය තුළ ජාතික මැතිවරණයක අවශ්‍යතාවයක් රටට තිබෙනවා. මේ වන විටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනවාරි 08 ජනවරමට පිටුපාල ඉවරයි. රනිල් වික‍්‍රමසිංහ විසින් තාවකාලිකව අටවා ගත් ආණ්ඩුවට සැබෑ ජනවරමක් නැහැ. ඒ වගේම පළාත් සභා මැතිවරණ කල් යමින් තිබෙන තත්වයක් තුළ පරිපාලනය බිඳවැටී තිබෙනවා. 20වැනි සංශෝධනය සම්මතවීම හේතුකොට ගෙන ජනාධිපතිවරණයක් නොපැවැත්වීමට අවස්ථාව තිබෙන නිසා ජාතික මැතිවරණයක් ලෙස පැවැත්විය හැකි වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණයයි. එනිසා 20වැනි සංශෝධනය සම්මත වූ විගස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අපි එකඟයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව අපට තිබෙන්නේ සත්භාවයක්. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම පිළිබඳව ඇත්ත වුවමනාවක් අපිට තිබෙනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම, කැබිනට් මණ්ඩලය ශක්තිමත් කිරීම, අධිකරණය, පොලිසිය ඇතුළු කොමිෂන් සභා බලාත්මක කිරීම, කළ යුතුව තිබෙනවා. ඒ සඳහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම අත්‍යාවශ්‍ය බව ඔප්පු වී තිබෙනවා. ඒ වාගේම රටේ ජනතාව මුහුණ දෙන එදිනෙදා ප‍්‍රශ්නවලට ව්‍යාවස්ථා සංශෝධනයකින් උත්තර ලැබෙන්නේ නැහැ. නමුත් එම අරගලවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල්වීම ඉතාම වැදගත් බව අපි දකිනවා. එම නිසා 20වැනි සංශෝධනය සාධනීය ලෙස ගෙන එය සම්මත කර ගැනීම සඳහා පක්ෂයක් ලෙස අපි උපරිමයෙන් කටයුතු කරනවා. ඒ වගේම මේ වන විට 20වැනි සංශෝධනය පිළිබඳව සාධනීය ලෙස අදහස් ඉදිරිපත් කොට තිබෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම පිළිබඳව ඔහුට ස්තුතිවන්ත වෙනවා.

Post Views: 8
Previous Post

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

Next Post

වී මිල ඉහල දැමීමේ සූදානමක් … අමාත්‍ය පී හැරිසන්

editor

editor

Next Post

වී මිල ඉහල දැමීමේ සූදානමක් ... අමාත්‍ය පී හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved