• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

යල කන්නයේ සිට වී මිල ඉහලට – අමාත්‍ය පී. හැරිසන්

7 March 2019
in ව්‍යාපාර

යල කන්නයේ සිට නාඩු වී කිලෝවක් රුපියල් 40 ලෙසද සම්බා වී කිලෝවක් 43 දක්වා ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බස්නාහිර පළාත් ගොවිජන අබිමන් සම්මාන උළෙලට එක්වෙමින්.

එහිදී ගොවියෙකු වගේම කෘෂිකාර්මික ගමක උපන් අයෙක් හේතුවෙන් මේ වන විට පවතින සහතික වී මිල පිළිබඳ තමන් සෑහීමට පත් නොවන බව අමාත්‍යවරයා පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා ” දැන් වී මිලදී ගැනීම ගැන ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.මං දැක්කා ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිසාපතිතුමාට කෝටි 10ක් සල්ලි යවලා තියෙනවා. මධ්‍යස්ථාන 27ක් වී අලෙවි මණ්ඩලය දැන් විවෘත කරලා තියෙනවා සති දෙකක් තිස්සේ. මේ සති දෙකේම ගෙනැල්ලා දීලා නෑ එක වී ඇටයක්වත් ගබඩාවලට. අපි දුන්නා සහතික මිලක් නාඩු කිලෝ එකකට රු.38ක්, සම්බා කිලෝ එකකට රු.41යි. මම දන්නවා ගොවියාට ඒ මිල මදි.මේ විෂයභාර ඇමතිවරයා විදිහට නෙවෙයි ගොවියෙකුගේ පුතෙක් හැටියට මම පිළිගන්නවා ගොවිතැනේදී වී මිල වැඩි වෙන්න ඕනේ. හැබැයි වී මිල වැඩි වෙනවා වගේම සහල්වලටත් ප්‍රශ්නයක් තියෙනවා පාරිභෝගික ජනතාවටත්. දැන් වෙළඳ ව්‍යාපාරිකයෝ කිව්වා අපි වැඩි ගණන් වලට වී ගත්ත නිසා හාල් මිල අඩුකරන්න බෑ කියලා. හාල් 100/- ට දෙන්න ඕනෙ කියලා. තව තැනක කිව්වා 120/- ට දෙන්න ඕනෙ කියලා. ඉතින් කවදද මේ ක්‍රමවේදය හදන්නේ.

මම මේ විෂයභාර ඇමතිවරයා විදිහට ආවට පස්සේ වෙළඳ ව්‍යාපාරිකයෝ, වී මෝල් හිමියෝ වගේම ගොවීන්වත් හම්බ වුණා. දැන් අපි ඒකට ක්‍රමවේදයක් හැදුවා. අද රු. 38 ට වී ගන්නකොට පාරිභෝගිකයට නාඩු හාල් කිලෝ 01 ක් රු. 80 ට ගන්න අපි ඒකට සම්මත ක්‍රමවේදයක් හැදුවා 2.1 ට ඒ කියන්නෙ නාඩු කිලෝ 01 ක් 38/- ට ගන්නකොට හාල් 80/- යි. වී වගේ දෙගුණයක් සහ තව දශම 1 ක් වැඩි වෙන්න. ඒ නිෂ්පාදන මිල සම්බා කිලෝ 01 ක් රු. 41 ට ගන්න කොට හාල් කිලෝ 01 ක් රු. 85/- ට ගන්න. මේ ක්‍රමවේදය විතරක් හදල වැඩක් නෑ. අපි අප්‍රේල් මාසයේ ඉඳලා ගැසට් කරනවා. අපි වී 40/- ට ගන්නවනම් හාල් මිල ඊට ටිකක් වැඩිවෙනවා. හැබැයි සිල්ලර මිල ඊට වැඩිවෙන්න බෑ. එතකොට ගොවියාගේ වී මිල වැඩිවෙන ගානට හාල් වල මිලත් වැඩිවෙනවා. දැන් අපි ඒ ක්‍රමය හදුන්වල දීලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරල තියෙනවා කැබිනට් මණ්ඩලයට මේක ඉදිරිපත්කරල තියෙනවා අප්‍රේල් මාසෙ පළවෙනිදා ඉදලා නාඩු කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 80 යි. සම්බා හාල් කිලෝ 01 විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල රු. 85 යි. මම හිතනවා යල කන්නයේ ඉදලා මේක තව වෙනසක් වෙන්න ඕන කියලා. අනිවාර්යයෙන්ම නාඩු වී කිලෝ 01 රු. 40/- ක් වෙන්න ඕනා. දැන් අපි ක්‍රමවේදය හදලා තියෙනවා. ඒ හින්දා ගොවිමහත්වරුන්ට ප්‍රශ්නයක් නෑ. කන්නයෙන් කන්නයේ වී මිල වැඩි කරනවා. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර, බස්නාහිර පළාත් සහකාර කොමසාරිස් සාරංගා සරත්චන්ද්‍ර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

 

Post Views: 7
Previous Post

ලාල්කාන්ත ඇප මත මුදා හැරේ

Next Post

කිරි බොනකොට විතරක් නෙමෙයි දත් මදිනකොටත් රුපියල අවප්‍රමාණය වෙනවා

editor

editor

Next Post

කිරි බොනකොට විතරක් නෙමෙයි දත් මදිනකොටත් රුපියල අවප්‍රමාණය වෙනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved