27 July 2024
#දේශීය

රජය සතු වාහන කාබන් බද්දෙන් නිදහස් නෑ – මුදල් අමාත්‍යංශය

2018 අයවැය මගින් සම්මත කරනු ලැබූ කාබන් බද්ද, 2019 ජනවාරි මස සිට සියළුම වාහන සඳහා ක්‍රියාත්මක වන අතර රජයේ සියළු වාහන ද මෙම බද්දට යටත් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒම අමාත්‍යංශය නිවේදනය කළේ මෙම බද්දෙන් නිදහස් කරනු ලැබ ඇත්තේ විදුලි බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන වාහන පමණක් බවයි.

රජය සතු වාහන මෙම කාබන් බද්දෙන් නිදහස් කර ඇතැයි යනුවෙන් ඇතැම් මාධ්‍යවල පළවූ වාර්තාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

රජය විසින් නිකුත් කරනු ලැබූ 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෙම බද්ද ස්ථාපිත කර ඇත.

සෑම මෝටර් රථයක්ම ලියාපදිංචි කරනු ලබන පළමු වර්ෂයේදී හැර වාර්ෂිකව ආදායම් බලපත්‍රය අලුත් කරනු ලබන අවස්ථාවේ මෙම බද්ද අය කරනු ලබයි.

වාහනයක එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන ඝන සෙන්ටිමීටරයක් සඳහා කාණ්ඩ තුනක් යටතේ වාර්ෂිකව මෙම බද්ද පහත වගුවේ දැක්වෙන පරිදී අය කරගනු ලබයි.

 

 

වත්මන් රජයේ නීල හරිත ආර්ථික දැක්ම පදනම් කරගත් ආර්ථීක වැඩපිළිවෙල යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු අනාගත ශ්‍රී ලංකාවක් උදෙසා මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *