• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශවලට සියළු බලතල ලබා දී ඇති බව අගමැති කියයි

14 May 2019
in දේශීය

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරවයා මේ බව පැවසුවේ අද (14) දින පෙරවරුවේ කුලියාපිටිය ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිදු කළ සංචාරයකින් අනතුරුව කුලියාපිටිය පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බව වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” වත්මන් තත්වය සොයා බැලීම සඳහා අද අපි කුලියාපිටිය ප්‍රදේශයට පැමිණියා. ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් නිසා පාස්කු ඉරිදා දේව මෙහෙයන් කඩාකප්පල් වුණා. නමුත් මේ ප්‍රදේශවල සිටින ඇතැම් කඩාකප්පල්කාරී කණ්ඩායම් නිසා එළඹෙන වෙසක් උත්සවයත් විනාශ කිරීමට ඉඩදිය නොහැකියි. ඒ වෙනුවෙන් ගතයුතු සියලූ ක්‍රියාමාර්ග ගැනීමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අපි තීරණය කළා. රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙනවා. ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා ඒ පිළිබඳව ඊයේ ප්‍රකාශ නිකුත් කළා. අසරණ ජනතාවට කරදර හිරිහැර කරමින් වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට අපි කිසි ලෙසකින්වත් ඉඩ ලබාදෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රදේශවලට පොලිස් ආරක්‍ෂාව ලබාදෙමින් වෙසක් උත්සවය සාමකාමීව සැමරීමට අවශ්‍ය කටයුතු සලසනවා. ඒවෙනුවෙන් පොලිසියටත් ත්‍රීවිධ හමුදාවටත් සම්පූර්ණ සහයෝගය ලබාදෙන්න යැයි මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම සිදුවීම්වලින් හානියට පත්ව සිටින ජනතාවට සහන සැලසීම පිළිබඳව ඇමැති මණ්ඩලයේ දී අවශ්‍ය තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්, අලිසහිර් මවුලානා, ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

 

 

Post Views: 9
Previous Post

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ නැතිලු

Next Post

IDA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක්

editor

editor

Next Post

IDA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved