• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රනිල් නැතිව එජාපයේ බහුතරය ඇති අයෙකුට අගමැතිකම දෙන්න පුළුවන් – ජනපති

25 November 2018
in දේශීය

කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතරම එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සරත් ෆොන්සේකා මහතා හැර බහුරතය ඇති අයෙකුට අගමැති ධුරය ලබා දීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට බහුතරක් ඇති නම් එය පාර්ලිමේන්තුවේදී නිත්‍යානුකුල අයුරින් ඉදිරිපත් කරන විශ්වාසභංගය අනුව පෙන්වන ලෙසයි.

එසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නොමැති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී විදෙස් ජනමාධ්‍යවේදින් සමඟ පැවති හමුවකදී ය.

2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ උදෙසා ඉතාමත් සද්භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද සඳහන් කළේය.

දිගින් දිගටම සිදුවූ අක්‍රමිකතාවයන් මෙන්ම හිටපු අගමැතිවරයාගේ අදුරදර්ශී සහ හිතුවක්කාරී ක්‍රියා පිළිවෙත හේතුවෙන් අගමැතිවරයා වෙනස් කර රටත්, ජනතාවත් වෙනුවෙන් සුබවාදී ගමනක් යාමේ නව මාවතක් තෝරා ගැනීමට තමාට සිදුවූ බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

තමන් ඝාතනය කිරීමට උත්සහ දැරු දූෂිතයන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයෙකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දේශපාලන ප්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දූෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප්‍රකාශ කළේය.

පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක විය යුතු පිළිවෙතට නොවන අතර, ආණ්ඩුවක් පත් කර ගැනීම සහ ආණ්ඩුවක් වෙනස් කර ගැනීම යන ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී හඬ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්ද විමසීම වැනි විධිමත් ක්‍රමයක් භාවිතා විය යුතු බවත්, ඒ පිළිබඳ තමා කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳ සතුටු වන අතර, එම සියලූදෙනාට ස්තූතිය පළ කරන බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Post Views: 9
Previous Post

රුවත්තියන්ට කිරුළ පලදින්නට මිලියන ගණනක් වියදම් කළ පැජන්ට් කිංග්

Next Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි… හෙට මොකද වෙන්නේ …?

editor

editor

Next Post

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි... හෙට මොකද වෙන්නේ ...?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved