ජා ඇල, ඒකල ප්‍ර දේශයේදී පොලිස් නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වැටලිමක් සිදු කර යතුර පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවකු විශේෂ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුදුරු 31 ක් වු කොටුගොඩ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීමේදී ජාඇල, කඳාන, මහබාගේ, වත්තල, මිගමුව, මාරවිල, මිනුවන්ගොඩ පොලිස් වසම්වල යතුරු පැදියෙන් ගමන් කර රන් මාල කොල්ලකෑම් 20 කට අධික ප්‍රමාණයකට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරු බවට අනාවරණය වී ඇත. සැකකරුට විරුද්ධව විවිධ අධිකරණ වලින් වරෙන්තු 12 ක් නිකුත් වී ඇත.
සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.