• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වී මිල ඉහල දැමීමේ සූදානමක් … අමාත්‍ය පී හැරිසන්

1 March 2019
in ව්‍යාපාර

ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” එදිනෙදා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවීන් හට ඇතැම් විට කම්කරු සහ යාන්ත්‍රික උපකරණ වෙනුවෙන් වැය කරනු ලබන කුලියහි උච්චාවචනයන් නිසා කන්නයෙන් කන්නයට රු. 02 කින් වත් වී කිලෝවක් සඳහා මිල ඉහළ දැමිය යුතු බවත්, දැනට වී සදහා පවතින සහතික මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා මෙහිදී කීය. ඉදිරියේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් සෑම ගොවියෙක් සඳහාම නිවස තුළ වී ගබඩාවක් ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 05 ක මුදලක් 3% සහ 4%ක පොළී අනුපාතය යටතේ තමා ලබාදීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමේදී ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ බිලියන 15 ක සංචිත මුදල් භාවිතාකල හැකි බව අමාත්‍යවරයා කීය. මෙසේ සිදුකරන්නේ අතරමැදියා සහ වී මෝල් හිමියන්ගේ සුරාකෑමෙන් ගොවියා ආරක්ෂා කිරීමට බව කීය.

දැනට ඉදිරිපත්කර ඇති නාඩු රු. 38/- ක් සහ සමිබා කිලෝවක රු. 41/- දරන සහතික මිලට ණය ඇපකර ලබාගත් සමාගම් සහතික මිලටම ගොවියාගෙන් වී මිලදී ගතයුතු බවත්, එය කඩකරන සමාගම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ දිනවල කව්පි සහ මුං අස්වැන්න නෙළමින් පවතින බවත්, කව්පි සඳහා පැවති ආනයනික බද්ද රු. 75 සිට රු. 80 දක්වා රු. 15 කින් බද්ද ඉහළදැමීමට තමන් ඉදිරි සතියේ කටයුතු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. තමන් හම්බන්තොට, කිළිනොච්චිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි වී මෙ.ටොන් 1000 ක් ගබඩා කර හැකි වී ගබඩා 3ක් තමන් මැදිහත්ව ඉදිකළ බවත්, ඉදිරියේදී වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රමාණය තවත් වැඩිකරන බවත්, අතීතයේදී ගබඩා 2,000 ක් පමණ වී අලෙවි මණ්ඩලයට තිබුණද, දැනට වී අලෙවි මණ්ඩලය සතුව පවතින්නේ වී ගබඩා 200 ක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

දැනට පොළොන්නරුවේ වී සඳහා පවතින කීඩෑ උවදුරට විශේෂඥ කණ්ඩායමක් යොමු කර ඇති බවත්, ඒ සඳහා යාන්ත්‍රිකව නව තාක්ෂණය සමග උවදුර මර්ධනයට කෘමිනාශක යෙදිය හැකි ක්‍රමවේදයක් තිබේද යන්න සහ කීඩෑ උවදුර මර්දනය කිරීම සඳහා ක්ෂණික විසඳුම් ලබාගන්නා ලෙස උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

අනුරාධපුර හැලඹෑව වී ගබඩාව ඉදිකිරීම සඳහා රු. ලක්ෂ 250 ක මුදලක් වැයකර ඇත. මෙම අවස්ථාව සඳහා වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා, වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සමන් පාලිත බණ්ඩාර මහතා, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සහ ගොවීන් රැසක් සහභාගී විය.

 

 

Post Views: 9
Previous Post

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

Next Post

කුහක අදහස් නැති හොඳ දේවල් නතර වුණා – ඇමැති කිරිඇල්ල කියයි

editor

editor

Next Post

කුහක අදහස් නැති හොඳ දේවල් නතර වුණා - ඇමැති කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved