• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්න

2 February 2019
in සංවර්ධන

මෙරට මෙන්ම විදේශීය වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්නැයි කෘෂි නවීකරන ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් අදාළ නිලදාරින්ට උපදෙස් ලබා දී තිබේ.  ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රධානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මකයි.

මෙමගින් තරගකාරී කෘෂි බෝග නිෂ්පාදනයත් කෘෂිකර්මාන්තය සදහා නවීන තාක්ෂණය භාවිතය පිළිබදව ආදර්ශ ව්‍යාපෘති ගොවීන්ට හදුන්වාදීම සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාවේ සුලු පරිමාන ගොවීන් සදහා අන්නාසි වැල්දොඩම් ලොකු ලූණු බීජ අඹ සහ බිම්මල් වැනි ඉල්ලුමක් සහිත බෝග ව්‍යාපෘති හදුන්වාදෙමින් ඔවුන්ට අවශ්‍ය කෘෂි උපදෙස් සහ මූල්‍යාධාර මෙම නවීකරණ වැඩසටහන හරහා ලබාදෙන බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.
උතුරු නැගෙනහිර පළාත සදහා දේශීය රටකජු ප්‍රෙභ්ද නව තාක්ෂණය ඔස්සේ වගා කොට ඇති අතර එහි නිෂ්පාදනයහි ප්‍රගතිය පිළිබද අමාත්‍යවරයා සිය සතුට පළ කලේය.

ටොම් ඊ ජේසී අඹ ව්‍යාපෘතිය මාතලේ යාපනය හා මොණරාගල දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරගනිමින් ගොවීන් 440 දෙනකු අතර ක්‍රියාත්මක බවත් තවත් අවුරුදු කිහිපයකින් නෙලාගනු ලබන ගොවීන්ගේ අස්වැන්න විදේශීය වෙලද පලට අලෙවි කිරීමට අවශ්‍ය යොමුකිරීම ව්‍යාපෘතිය හරහා සිදුකල යුතු බව අමාත්‍යවරයා නිලධාරීන්ට පැවසිය. එසේම දේශීය වෙලද පලට ගැලපෙන ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කල හැකි ප්‍රභේද මෙම ව්‍යාපෘතිය හරහා හදුන්වා දෙන ලෙස ව්‍යාපෘතියහි නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබේ. කෘෂි උපකරණ නවීන ජල කළමණාකරණ පද්ධති මෙන්ම කෘෂි මාර්ග ඉදිකිරීම ද නව කෘෂි ව්‍යාපෘතිය හරහා සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මගින් ගොවියාව විදෙස් වෙලදපලට යොමු කිරීම ව්‍යාපෘතියෙහි නිලධාරීන්ගේ මූලික වගකීම විය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදෙන ලදී
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර මහතා අමාත්‍ය උපදේශිකා ශිරානි වීරකෝන් මහත්මිය ඇතුළු ව්‍යාපෘතියෙහි නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 30
Previous Post

රටට ද්‍රෝහි සියලූ බලවේග පරාජය කරනවා – ජනපති

Next Post

කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට – GSRS 2019 සුදානම්

editor

editor

Next Post

කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට - GSRS 2019 සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved