• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට ජර්මනියේ විශේෂ සහාය ලැබුණ බව ඇමැති රවි කියයි

6 October 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජර්මනිය ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් සහ සම්ප්‍රදායන් ශක්තිමත් කිරීමට සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට අඛණ්ඩව සහාය වී තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගිය දින ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, ජර්මානු නිදහස් දින සැමරුම් උළෙලට සහභාගි වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා“ “බොහෝදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාව සහ ජර්මානු ද්විපාර්ශ්වික සබඳතා ගොඩනඟා ඇත්තේ ශතවර්ෂ ගණනාවක සිටයි. පැරණි සංස්කෘතික හා බුද්ධිමය හුවමාරු, වෙළඳාම සහ මිනිසුන් – මිනිසුන් අතර සම්බන්ධතා මත මෙම සබදතා ගොඩනැගී තිබෙනවා. මීට වසර 66 කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගත් දා සිට අපගේ විධිමත් මිත්‍රත්වය හා සහයෝගීතාව වර්ධනය වී තිබෙනවා. 1950 දශකයේ අග භාගයේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ද්විපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවෙකු ලෙස ජර්මනිය වෘත්තීය අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වනාන්තර සහ වනජීවී සංරක්ෂණය පිළිබඳ වැඩසටහන් සඳහා අඛණ්ඩව ප්‍රදාන සහ මෘදු ණය ආධාර ලබාදී තිබෙනවා. ජර්මානු කාර්මික විද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා උසස් තත්ත්වයේ වෘත්තීය පුහුණුවක් ලබා දෙමින් ඔවුන්ගේ හැකියාවන් සහ ශක්‍යතාව ඉහළ නැංවීමට කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකානු- ජර්මානු පුහුණු උපදේශක ආයතනය 2016 දී කිලිනොච්චි හිදී ආරම්භ කරන ලද අතර, මාතර ඉදිකිරිමට නියමිත කාර්මික විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු තුනෙන් එකක් ඉදිරි වසර දෙක තුළ සිදුකිරීමට නියමිතයි. ගාලු මාතෘ රෝහල, විල්පත්තු ජාතික වනෝද්‍යානය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනය සහ සමාජ අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් වැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහාද ජර්මානු රජය විසින් නොමසුරු ප්‍රදාන හා ආධාර ලබා දී තිබෙනවා.
වර්තමානයේ දෙරටම උත්සාහය වන්නේ වෙළඳ හා ආයෝජන තවදුරටත් වෙනස් කිරීමයි. ජර්මනිය ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු ලෙස, 2018 දී ජර්මනිය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳ පරිමාව යුරෝ බිලියන 1.2 ක් වි තිබෙනවා. අපේ රට ගිනිකොන සහ ගිනිකොනදිග ආසියාවේ ප්‍රධාන වාණිජ හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමට සූදානම්ව සිටින හෙයින්, ජර්මානු ව්‍යාපාර සහ ආයෝජන උනන්දුව ද ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දැනටමත් ක්‍රියාත්මක වන ජර්මානු ව්‍යවසායන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසඳීම සඳහා මෙන්ම නව ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට යොමු වී තිබෙනවා. බහු පාර්ශ්වකරුවන්ගේ වේදිකාවට අන්තර්ජාතික වෙළඳාම, ඊඩීබී සහ ආයෝජන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ ආයතන හා ව්‍යවසායයන් ඇතුළත් වන අතර, ජර්මානු රජය පැත්තෙන් ජර්මනියේ තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ්‍ය නියෝජිතයින් ක්‍රියාකාරී වෙනවා. දියුණු වෙමින් පවතින ව්‍යවසායන් සඳහා වඩාත් හිතකර ව්‍යාපාරික වාතාවරණයක් සපයන සාර්ථක ජර්මානු සමාගම්වල හොඳම භාවිතයන් ශ්‍රී ලංකාව විසින් අනුකරණය කරනු ඇතැයි අපේක්ෂා කරනවා “යැයි අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Post Views: 17
Previous Post

චාවකච්චේරි සහ කෝපායි නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

Next Post

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

editor

editor

Next Post

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්නපුර කළු ගඟේ  පාවෙමින් තිබූ  නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගැනේ හඳුනා ගැනීමට පොලිසිය  මහජන සහාය පතයි

රත්නපුර කළු ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගැනේ හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි

21 May 2026
අගමැති ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  වාර්ෂික දේශනය පවත්වයි

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ වාර්ෂික දේශනය පවත්වයි

21 May 2026
ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ලිංගික වෙනස් කිරීමේ සැත්කම්  සිදු කරන බවට පළවන වාර්තා සාවද්‍ය බව  සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ලිංගික වෙනස් කිරීමේ සැත්කම් සිදු කරන බවට පළවන වාර්තා සාවද්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි

21 May 2026
කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ආනයන අපනයන පනතේ  නව රෙගුලාසි කිහිපයක් අද විවාදයට

කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ආනයන අපනයන පනතේ නව රෙගුලාසි කිහිපයක් අද විවාදයට

21 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලි  සීමා ඉවත් කෙරෙයි – බුද්ධ රෂ්මි වෙසක් කලාපය  පවත්වන වේලාවන් මෙන්න

වෙසක් සතියේ ඉන්ධන සහ විදුලි සීමා ඉවත් කෙරෙයි – බුද්ධ රෂ්මි වෙසක් කලාපය පවත්වන වේලාවන් මෙන්න

21 May 2026
ටෙහෙරානය සහ වොෂින්ටනය අතර  යුද්ධය අවසන් කිරීමේ  සාකච්ඡා තවදුරටත්

ටෙහෙරානය සහ වොෂින්ටනය අතර යුද්ධය අවසන් කිරීමේ සාකච්ඡා තවදුරටත්

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved