• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද ජිනිවාවලදී!

9 September 2024
in පුවත්
ශ්‍රී ලංකාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද ජිනිවාවලදී!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය සැප්තැම්බර් 9 වැනි සඳුදා(අද) ජිනීවාහිදී ආරම්භ වේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව පිළිබඳ වැදගත් සාකච්ඡාවක් මෙම සැසිවාරයේදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) නිල වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව ආරම්භක දිනයේ දී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

පසුගියදා නිකුත් කෙරුණු වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ණයහිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතීන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය අවකාශය රජයට ලබා දෙන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වෝල්ටර් ටර්ක් නව වාර්තාව නිකුත් කරමින් කියාසිටියේ ආර්ථික ප්‍රතිපත්ති තීරණ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව හිමිකම් බැඳීම් සමඟ සමපාත වියයුතු බවයි.

2022 ආර්ථික අර්බුදයේ අඛණ්ඩ බලපෑම් සහ පසුව ඇති වූ කප්පාදු පියවරයන් විශේෂයෙන් දුප්පතුන්ට, විශේෂයෙන් කාන්තාවන්ට බලපා ඇති බව ඔහු සඳහන් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද එම වාර්තාව මගින්, ශ්‍රී ලංකාවේ මූලික නිදහසට නව තර්ජන, නව හෝ යෝජිත ප්‍රතිගාමී නීති ඉස්මතු ගෙනඒම, ප්‍රජාතන්ත්‍රවාදී සංවරණ සහ තුලන ක්‍රමය විනාශ වීම, සිවිල් සමාජයට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව පවතින තර්ජන, අතීතයේ සිට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බිය ගැන්වීම් සහ බරපතල සිදුවීම් නැවත නැවතත් හඳුනාගෙන ඇත.

ඉදිරි මැතිවරණ, මෙම ගැටළු ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලංකාවට නිසි මගට එළඹීමේ සන්ධිස්ථානයක් කරගන්න ලෙසද වෝල්ටර් ටර්ක් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු නොතකා, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සඳහා බලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම භාවිතා කර ඇති බවත්, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් මරණයට පත්වීම් පිළිබඳ මෑත කාලීන සිද්ධීන්ද වාර්තාවෙන් ඉස්මතු කරයි.

2009 දී අවසන් වූ සිවිල් යුද්ධයේදී සහ ඉන් පසුව සිදු වූ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබාදීම් සහ වගවීමද නමැති බව පෙන්වාදෙන ටර්ක්, අලුතින් තේරී පත්වීමට නියමිත ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ, යද්ධයේ මූල හේතු විසඳීමට සහ වගවීමේ හිඩැස වසාගැනීමට සහ ප්‍රතිසන්ධානය සඳහා කටයුතු කිරීමට මූලික ව්‍යවස්ථාමය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන ලෙසයි.

[CWN]

Post Views: 38
Previous Post

මහ මැතිවරණය නොවැම්බරයේ?

Next Post

පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා නිම කරයි

Editor TTV News

Editor TTV News

Next Post
පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා නිම කරයි

පූජිත් ජයසුන්දර පාස්කු වන්දි මුදල ගෙවා නිම කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved