27 July 2024
#දේශීය

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කොට තිබේ.  ඒ අනුව එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා සහ එක්සත් ජාතීන් සඳහා වූ බාබේඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය විසින් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට පසුගිය ජුනි 28 වැනි දින නිව්යෝර්ක් නුවරදී අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව සහ බාබේඩෝස් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල දෙරට අතර දැනට පවත්නා මිත්‍ර සබඳතා හා සහයෝගීතාව දෙරටේම අන්‍යොන්‍ය යහපත පිණිස තවදුරටත් වර්ධනය වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *