• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සජිත් ගැන කියන බොරු – ඇමැති රවි

29 July 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකයා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරවන්න කටයුතු කරන බවත් නමුත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 කගෙන් 66 ක්ම 76කින් 66ක් සජිත ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කලා කියන එක අමූලික බොරුවක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා එස්.එස්. ද ජයසිංහ ක්‍රීඩාංගණයේ පැවති ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වීමෙන් අනතරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය” අද කම්කරුවෙක් වෙන්නටත් සාමාන්‍ය පෙළ අවශයයි. ඒ නිසා අඩුගානේ සාමාන්‍ය පෙළවත් තියෙන පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂයා විය යුතුයි. අධ්‍යාපන සුදුසුකම් පෙන්නල, ඔප්පු කරන්න පුළුවන් පුද්ගලයින් මෙ සදහා ඉදිරිපත් විය යුතුයි. මම මගේ අධ්‍යාපන සුදුසුකම ඉදිරිපත් කලා වගේම අප පක්ෂයේ කිහිප දෙනෙක්ම මේ වනවිට ඔවුන්ගේ සුදුසුකම් ප්‍රසිද්ධියේ ඔප්පු කරලා තිබෙන්නේ. මම අභියෝග කරනවා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න දගලන පිරිස් වලටත් ඒ වගේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කරන්න කියලා. අපි මීට ඉහතදී ජනාධිපතිවරණ වලදි මේ ආකාරයෙන් අධ්‍යාපන සුදුසුකම් ගැන විශේෂයෙන් සෙව්වේ නැත්තේ, ඒ ඉදිරිපත් වූ හැම දෙනාම සුදුසුකම් සහිත පුද්ගලයින් වුන නිසයි. අපේ පක්ෂයෙන් අඩු සුදුසුකම් සහිත අය ඉදිරිපත් වුණේ නැහැ. එහෙම අඩු සුදුසුකම් සහිත පුද්ගලයින් පත්වෙන එකේ අඩුව අද පේන්න තියෙනවා. රටේ හැමදේම නිකන් දෙන්න ඕනනම්, ආණ්ඩුවක් අවශ්‍ය නැහැනෙ. එහෙම ඕනනම් රට පාලනය කරන්න සහනාධාර සමිතියකට දුන්නනම් හරි. රටක් ඉදිරියට ගෙනියන්නනම්, අපි යම් රාජකාරියක්, වගකීමක් ඇති කටයුත්තක් කරද්දි ඒදේට අදාලව යම් යම් කාර්යයන් ඉටුකළ යුතුයි. ඒ ආකාරයෙන් කටයුතු කරන්න අපිට පිං කැට කඩලා වියදම් කරන්න බැහැ. වසන්ත සමරසිංහ මහතා චෝදනා කරනවා ලෙකෝ මෘදුකාංගය හදුන්වාදීම පිළිබදව. රටක් සංවර්ධනය කරද්දි ඒ වෙනුවෙන් බුද්ධියෙන් කරන කටයුතු වලට නිග්‍රහ කරන්නෙපා. මෙහෙම සංවර්ධන කාර්යයන් වෙනුවෙන් යන වියදම් ගැන අහනවනම්, ඒවට මීට වඩා හොද උදාහරණ තිබෙනවා. අද යම් අමාත්‍යාංශ තියෙනවා දිනකට ලක්ෂ 02ක් 03ක් 8% ක් 10% ක් පොලියට ගෙවල් හදන්න වියදම් කරලා, ලක්ෂ 50 ක් 60 ක් පුවත්පත් දැන්වීම් වලට වියදම කරනවා. ඒවා ගැන කව්රුත් කතා කරන්නේ නැහැ. ව්‍යාපෘති වලට ලක්ෂ 30ක් 40 ක් වියදම් කරනවා ඒවා ගැන කතා කරන්නේ නැහැ. එයාලව පුම්බන්න මාධ්‍යයට මිලියන් 4ක් 5 ක් වියදම් කරනවා. ඒවා ගැන කතා කරන්නේ නැහැ. ඒ තමන් පිම්බෙන්න වියදම් කරන ලක්ෂ 50ත් දුන්නනම් ගෙවල් හදන්න, තවත් ගෙවල් ටිකක් හදන්න පුළුවන්නේ” යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 19
Previous Post

ජාතික නායකත්වයට කිරිඇල්ලගේ නම යෝජනා කරන බව වෙලුකුමාර් කියයි

Next Post

ජනාධිපතිවරණය එක තත්පරයක්වත් කල් දාන්න ඉඩ දෙන්නේ නෑ – මන්ත්‍රී රෝහිත කියයි

editor

editor

Next Post

ජනාධිපතිවරණය එක තත්පරයක්වත් කල් දාන්න ඉඩ දෙන්නේ නෑ - මන්ත්‍රී රෝහිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved