• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

30 September 2024
in දේශීය, පුවත්
සා. පෙළින් මුල් තැන ගාල්ල සංඝමිත්තාවට: මුල් 10 දෙනාගෙන් 9 දෙනෙකු ම සිසුවියෝ!

අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023/2024 විභාගයේ පසුගිය 28 වන දා මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම හා දෙවන ස්ථාන සිසුවියන් තිදෙනෙකු හිමිකර ගෙන ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

පළමු ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග ද එම විභාගයේ දෙවන ස්ථාන කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සලා හා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විමංසා ජයනදී රත්නවීර දිනාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සියයට 75.72ක් උසස් පෙළ හැදැරීමට සුදුසුකම් ලබා තිබෙන බව කී හෙතෙම පළමුවරට පෙනී සිටි සිසුන් 322,537න් 244,228ක් උසස් පෙළට සුදුසුකම් ලැබූවන් අතරේ සිටින බව ප්‍රකාශ කළේ ය.

මෙවර විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 415,545 දෙනා අතරින් 13,309 දෙනකු විෂයයන් නවයට ම ඒ සාමාර්ථ ලබාගෙන ඇතැයි කී කොමසාරිස්වරයා අපේක්ෂකයන්ගෙන් සියයට 2.12ක් විෂයන් සියල්ල ම අසමත් වී තිබෙන බව සඳහන් කළේ ය.

www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විභාග ප්‍රතිඵල ලබා ගැනීමට හැකි බව කී ජයසුන්දර මහතා ඔක්තෝබර් 1 සිට 14 දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයැදුම්පත් කැඳවන බව ත් විභාග දෙපාර්තමේන්තුවේ 1911, 011 2785922, 011 2784208, 0112 786616 හා 011 2784537 යන දුරකතන ඇමතීමෙන් ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීම් කළ හැකි බව ත් පැවසීය.

විභාග මධ්‍යස්ථාන 3,527කදී පැවති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයැදුම්කරුවන් 387,648ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් අයැදුම් කර තිබිණි.

මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ මුල් දහ දෙනා අතරින් නව දෙනෙකු ම සිසුවියන් වීම විශේෂත්වයක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

මෙවර විභාගයේ හතර වන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ සෙශ්‍යානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා හා ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ නදුනි පමුදිතා රණවක යන සිසුවියන්ට හිමිව ඇතැයි හෙතෙම සඳහන් කළේ ය.

එසේ ම, විභාගයේ හත් වන ස්ථානය නුගේගොඩ අනුලා විද්‍යාලයේ නිමින්දි අධිකාරි, ගම්පහ රත්නාවලි බාලිකාවේ තත්සරා කාවින්දි විතාරණ හා පානදුර ශ්‍රී සුමංගල බාලිකා මහ විදුහලේ තමාෂි ධනංජනා වික්‍රමගේ යන සිසුවියන් මෙන්ම මාතර රාහුල විදුහලේ සකුණ සදීශාන් සමරවික්‍රම සිසුවා හිමි කරගෙන ඇතැයි ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ ය.

[MAWBIMA ]

Post Views: 49
Previous Post

මහ ඡන්දයට මුදල් නිදහස් කිරීමේ බලපත්‍රයට ජනපතිගේ අනුමැතිය !

Next Post

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

අලුත් ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved