• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සේනා මර්දනයට සහනාධාරයක්

7 January 2019
in සංවර්ධන

සේනා දළඹු මර්දනයට කෘමිනාශක මිලදී ගැනීම සඳහා ගොවීන්ට 50% ක සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රු.මි.50 ක් වෙන්කර තිබෙන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

“සේනා” නැමැති දළඹු විශේෂය මේවනවිට බඩඉරිඟුවලට පමණක් නොව උක් ඇතුළු තවත් බෝග වර්ග කිහිපයකට හානි කරමින් ව්‍යාප්ත වන බව තහවුරු වී ඇතැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

සේනා දළඹුවා විසින් බඩඉරිඟු වගාවන්ට සිදු කර ඇති හානිය සොයා බැලීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන්, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම් .වීරකෝන් මහත්වරු ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චායාදූව අවට වගා බිම් රැසක් නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වූහ.

මෙම නිරීක්ෂණයන්ගෙන් පෙනී ගොස් තිබුණේ සේනා දළඹුවා ඉතාමත් බරපතල ලෙස බඩඉරිඟු වගාවට හානිකර ඇති බවයි.ගොවීන් විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ සේනා දළඹුවා මර්දනය කර තම වගාවන් ආරක්ෂා කර දීමට පියවර ගන්නා ලෙසයි.

ගොවීන් ඇමතූ අමාත්‍යවරයා සේනා දළඹුවන් සහ කීටයින් විනාශ කිරීම සඳහා අස්වනු නෙලාගත් වහාම බඩඉරිඟු ගස් කපා ගිනි තබා විනාශ කරන ලෙස ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.මෙම දළඹුවාගේ ව්‍යාප්තිය සිදුවන්නේ සලබ (Moth) අවස්ථාවේ වන බැවින් දළඹුවන් සලබ අවස්ථාවට පත්වීම වළක්වාලීම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර අමාත්‍යාංශය විසින් සේනා දළඹුවා මර්දනය සඳහා කෘමිනාශක 04ක් හඳුන්වා දී ඇති බවත්, කෘමිනාශක මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර ලබා දීමට රු.මි 50ක මුදලක් වෙන්කර ඇතැයි ද , සේනා මර්දනයට විකල්ප වැඩපිළිවෙලක් වශයෙන් සලබයින් අල්ලා ගැනීම සඳහා විශේෂ ඇටවුමක් (උගුලක්) ද හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ වූවද සේනා දළඹු ව්‍යාප්තිය ඩෙංගු මදුරුවා මෙන් මර්දනය කිරීම අපහසු තත්ත්වයක් උද්ගත වීමට පෙර සියලු ගොවීන් කෘෂිකර්ම නිලධාරීන් විසින් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත්, එකම කෘමිනාශකය දිගින් දිගටම භාවිත කිරීම නොකර මාරුවෙන් මාරුවට කෘමිනාශක යොදා ගැනීම මඟින් සේනා දළඹුවා කෘමිනාශකවලට අනුවර්තනය වීම වැලැක්වීමට පියවර ගත් යුතුව ඇතැයි ද කීහ.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බැලූ අතර එය සාර්ථක වන ලකුණු පහළ වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

 

Post Views: 10
Previous Post

ජවිපෙ ආදායම් මාර්ගයක් ගැන – ජානිපෙ හෙලි කරයි

Next Post

ජනපති යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට ව්‍යවස්ථා සභාවේ ඒකමතිකව අනුමැතිය හිමිවෙයි

editor

editor

Next Post

ජනපති යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුට ව්‍යවස්ථා සභාවේ ඒකමතිකව අනුමැතිය හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved