• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය අයට ගෙවන වන්දි ඉහළට

14 June 2019
in සංවර්ධන

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදාන කෙරෙන සියයට එකක මුදල මේ වන විට සියයට දෙක දක්වා වැඩිකර ඇති බැවින් ඉදිරියේදි හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය හා ආබාධිත වුවන් සදහා ලබාදෙන වන්දි මුදලද වැඩි කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14)මහවැලි කේන්ද්‍රෙය්දි ‘‘මහමග අනතුරු අවම දේශයක්” යටතේ පැවැති වැඩ සටහනේදි හදුනානොගත් අනතුරුවලින් හෙවත් හප්පා පලාගිය රිය අනතුරුවලින් මිය ගිය හා ආබාධිත වු 27දෙනෙකු සදහා රුපියල් ලක්ෂ හතලිහක වන්දි මුදල් පරිත්‍යාග කළ අවස්ථාවේදිය.

මෙහිදී මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ හරිමග පුවත්පතද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පිළිගැන්විණ. උත්සව සභාව අමතමින් අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ඉදිරියේදී කොමිසම් සභාවක් බවට පත්කිරීමද පියවර ගන්නා බවයි. ජාතික සභාවේ කාර්යය භාරය පුළුල් කිරීම උදෙසා එම පියවර ගන්නා බවත් ලබන අඟහරුවාදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට එහි පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ “මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බස්රථවලට අමතරව ඉදිරියේදී පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රීවිල් නියාමනය කිරීමටත් පියවර ගන්නවා. එම නියාමනය සිදු කරන ලෙසට දැනටමත් එම සේවාවල සංගම්වලින් ඉල්ලා තිබෙනවා. අද අපිට අවශ්‍ය වන්නේ ආරක්ෂිත ප්‍රවාහන සේවාවන්. ඒ සඳහා එක් පියවරක් ලෙසට සැපපහසු බස් පමණක් ලංගමට ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනවා. සමහර ව්‍යපාරිකයෝ මේවාට විරුද්ධයි. නමුත් ජනතාව වෙනුවෙන් සුදුසු පියවර ගන්න මම පසු බට වෙන්නේ නැහැ….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Post Views: 5
Previous Post

මැතිවරණයක් ද…….? ජනමත විචාරණයක් ද ….!

Next Post

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතුවයි – සභාපති කෝදාගොඩ කියයි

editor

editor

Next Post

මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතුවයි - සභාපති කෝදාගොඩ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved