අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ කොළඹ නීතිඥ සංගමයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ. නීතිඥ වෘත්තිකයින් සහ අධිකරණ පද්ධතිය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු කිහිපයක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
විශේෂයෙන්ම අධිකරණ සංකීර්ණවල පවතින ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ වාහන නවතා තැබීම සඳහා විධිමත් රථගාලක අවශ්‍යතාවය පිළිබඳව නීතිඥ සංගමය විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
මීට අමතරව අධිකරණ කාර්ය මණ්ඩලයේ ගමන් පහසුකම් සලසා ගැනීම සඳහා පොදු ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය මෙන්ම අධිකරණ කාර්යාල තුළ දෛනික රාජකාරී කටයුතු ඉටුකිරීමේදී අවශ්‍ය කරන මූලික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.














