• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනාගතයේදී මෙවැනි දෙයක් නොවෙන්න වගබලා ගත යුතුයි – අගමැති

10 May 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බවත් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදුටුවේය. ඉන් අනතුරුව මැණික්හින්න, හිරිකඩුව, ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙනට පැමිණි වික්‍රමසිංහ මහතා රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපානේ පේමසිරි මහනාහිමියන්ද බැහැදුටුවේය. මහනාහිමිවරු බැහැදැක උන්වහන්සේලා සමග රටේ වත්මන් තත්ත්වය සහ ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ වශයෙන් මහනාහිමිවරු දැනුවත් කර ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” අනාගතයේ දී නැවත මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි වගබල ගත යුතුයි. මෙම අන්තවාදී ත්‍රස්තවාදය මෙතනින් අවසන් වනු ඇතැයි අපිට බලාපොරොත්තු විය නොහැකියි. එම නිසා ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටීමත්, අන්තවාදය වැළැක්වීමට කටයුතු කිරීමත් අපේ වගකීමක් වෙනවා.
මේ වන විට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබෙන නීතිරීති පිළිබඳව මම අද මහා සංඝ රත්නය දැනුම්වත් කළා. එමෙන්ම ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පූජක පක්‍ෂ සමග සිදු කරන ලද සාකච්ඡා පිළිබඳවත් නායක ස්වාමීන් වහන්සේලා දැනුම්වත් කළා. ශ්‍රී ලංකාවේ බුද්ධාගම තුළ පමණක් නොව, අනෙක් ආගම්වලත් සුවිශේෂී වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් තිබෙනවා. මෙරට හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම්වල තිබෙන ශ්‍රී ලාංකික ලක්‍ෂණ නිසා අපට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති වී තිබෙනවා. එම ලක්‍ෂණ අන්තවාදයට යට කිරීමට ඉඩ නොතැබිය යුතුයි. ඒ වෙනුවෙන් අපි අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතුයි. අපි අද විශේෂයෙන් සාකච්ඡා කළේ ඒ පිළිබඳවයි. ඒ වගේම වෙසක් උත්සවය සැමරීම පිළිබඳවත් මහානායක ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කළා. ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව උන්වහන්සේලා මා සමග පැවසුවා. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජා කටයුතු හැකි තරම් විහාරස්ථානයන් තුළට සීමා කරනවා නම් එය වඩාත් සුදුසුයි. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල ආරක්‍ෂක අංශ සමග සම්බන්ධ වී වෙසක් උත්සව වැඩ කටයුතු කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට අපි සකසා තිබෙනවා.”

 

Post Views: 7
Previous Post

“සුළග අප රැගෙන යාවි” රිදී ජුබිලිය සමරයි!

Next Post

වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් එළියට ගෙනිහින් නෑ

editor

editor

Next Post

වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් එළියට ගෙනිහින් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved