27 April 2024
#දේශීය

වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් එළියට ගෙනිහින් නෑ

වැල්ලම්පිටියේ තඹ කම්හල කිසිදු දෙයක් ඉවත් කර නොමැති බව පොලිසිය පවසයි. TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී පොලිසිය පැවසුවේ වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් පිටට රැගෙන යාමට කිසිවෙකුටත් ඉඩ නොදුන් බවයි. එම කම්හල මේ වන විට සිල් තබා ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් මේ වන විට සමාජය තුළ ප්‍රචාරණය වන බවත් එම කම්හලේ කිසිදු භාණ්ඩයක් පිටට රැගෙන ගොස් නොමැති බව පොලිසිය පැවසිය. කෙසේ වෙතත් රට තුළ අසත්‍ය ප්‍රකාශ සිදු කරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වන විට විමසිල්ලෙන් සිටින ලෙස පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

පසුගියදා කොළඹ කොච්චිකඩේ පල්ලිය පුපුරුවා හැරිමේ සිද්ධියට අදාළ බෝම්බ වැල්ලම්පිටිය මෙම තඹ කර්මාන්ත ශාලාවේදී නිපදවා ඇති බවට සැකපල කර තිබේ. ඒ සම්බන්ධයෙන් එම කම්හලේ සේවකයින් 09 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගෙන එයින් අයෙකු ඇර අන් සියළු දෙනා අධීකරණයෙන් නිදහස් කර තිබේ.

එම නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණයක් සිදු කරන බව පොලිසිය පැවසිය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තව බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනු ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටියේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *