• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

8 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට රජයේ මුදල් පිළිබද කාරකසභාවේ මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් සකස් කළ යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කලේය.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පසුගිය ජූලි 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “2022 – වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව” සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමක් සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කරන ලදී.

මෙම දැනුවත් කිරීමේදී පැහැදිලි වූ විවිධ කරුණු හේතුවෙන් මෙසේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට යෝජනා විය.

මේ අනුව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ උද්දමනය ඉහළ යාම සමග පොලී අනුපාතය ඉහළ යා හැකි බවයි. මේ නිසා පළමු වැඩසටහන ලෙස උද්ධමනය සහ පොලී අනුපාතය අතර ඇති සම්බන්ධය පිළිබඳ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට තමා යෝජනා කරන බව හෙතෙම පැවසීය. එසේම පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා සම්බන්ධවීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

තවද මෙහිදී 2019 වර්ෂයේ අග භාගයේදී බදු ප්‍රතිශත අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම රාජ්‍ය ආදායම අඩු වීමට කොවිඩ් වසංගතයේ බලපෑම සිදු වූ ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණු අතර 2022 වර්ෂය වන විට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායන, අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, (වෛද්‍ය) සීතා අරඹේපොළ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, (ආචාර්ය) සුරේන් රාඝවන්, එම්. ඒ. සුමන්තිරන්, හර්ෂණ රාජකරුණා, අනුප පැස්කුවල්, මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

 

Post Views: 10
Previous Post

පුරවැසි දඩයම වහා නවතනු – විපක්ෂ නායක සජිත්

Next Post

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

මධ්‍යම පළාත් මාධ්‍ය ඒකකයේ නිල වෙබ් අඩවිය එළි දැක්වීම මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

4 September 2025
පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

4 September 2025

Recent News

Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

‘හුරතල්’ යමක් දුටු විට ඔබට මිරිකන්න හිතෙන්නේ ඇයි?

4 September 2025
පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

පාසල් සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්.!

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
රන් මිලෙහි හදිසි වෙනසක්

රන් මිලෙහි හදිසි වෙනසක්

4 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved