27 April 2024
#දේශීය

පුරවැසි දඩයම වහා නවතනු – විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවට, තරුණයින් ව, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ව, කලාකරුවන්ව පේන්නට බැරි බවත් ඔවුන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව කල්පනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න ගේ සුවදුක් බැලීමට අද (08) පෙරවරුවේ කොටුව පොලිසිය වෙත පැමිණ අවස්ථාවේදිය.

මේ රාජ්‍ය ම්ලේච්ඡත්වයට සහ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව සමගි ජන බලවේගය ජනතාව සමග අරගල කරන බව විපක්ෂනායකවරයා පැවසීය.

පිටතට පෙනෙන්නට විපක්ෂයේ සහාය ඉල්ලා සිටින ආණ්ඩුව, ඊට හාත්පසින්ම වෙනස් ලෙස පුරවැසියන්ව දඩයම් කරමින් සිටින බව ද පැවසීය. මේ තත්ත්වය පිළිකුලෙන් හෙළා දකින බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව කළ යුත්තේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම මිස ජනතාව දඩයම් කිරීම නොවන බව ද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *