චීනයේ පැවැත්වෙන 2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙමින් පළමු රන් පදක්කම දිනා ගැනීමට ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩිකා නිපුනි වාසනා ධර්මදාස සමත් වූවාය. ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළේ කාන්තා කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ මල්ලවපොර ඉසව්වට ඉදිරිපත් වෙමිනි.
ඉතා උද්යෝගිමත් තරගයකින් අනතුරුව අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් නිපුනි මෙම රන් පදක්කම දිනා ගත්තාය. මෙය 2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලැබූ ප්‍රථම රන් පදක්කම වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තලයේ ඇය දැක්වූ මෙම දක්ෂතාව මෙරට ක්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී සන්ධිස්ථානයක් එක් කර තිබේ.













