ඇමරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන කැටී මිලර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
මෙය අඅනාවරණය කරගෙන ඇත්තේ ධවල මන්දිර කාර්යමණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ අවස්ථාවේ ය.
ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 76 000 ඉක්මවා ඇති අතර තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 1 322 163ක් පමණ වේ.
නමුත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්දව විමසූ විට ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි.
මීට පෙර ජනාධිපති ට්‍රම්ප් ගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු විය.