27 April 2024
#දේශීය

හිඟ ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙන බව ජල  සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ  සම්බන්ධව මාධ්‍යයට වෙත අදහස් දක්වමින්  සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග  සඳහන් කර සිටියේ  ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවයි. 

කෙසේවෙතත් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරිණ.

පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද ද අඅදහස් දක්වා ඇති  ඔහු සඳහන් කර ඇත්තේ   බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බවයි.

මේ හේතුවෙන් ජල බිල්පත් සම්බන්ධව අනිසි බියක් තබා ගත යුතු නැති බව රජයේ දැනුම් දීම වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *